සටහන: පුන්සරා ලියනගේ
දෙසැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ලෝක සෞඛ්‍ය සංවිධානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ, රෝග පාලනය සහ වැළැක්වීමේ අප්‍රිකා මධ්‍යස්ථාන විසින් මධ්‍යම අප්‍රිකානු රටෙහි වාර්තා වී ඇති “Dease X” නම් වෛරස රෝගයක් පිළිබඳව අවධාරණය කර සිටී.
“Dease X” යනු දරුණු රෝගාබාධ මෙන්ම පුළුල්ව පැතිරුණු මහජන සෞඛ්‍ය බලපෑම් ඇති කිරීමේ හැකියාව ඇති නව රෝග කාරකයක් වන අතර, එහි බලපෑම් අවම කිරීම සඳහා කල්තියා ඒ පිළිබඳ හඳුනා ගැනීම, විමර්ශනය කිරීම මෙන්ම ඒ පිළිබඳ මහජනයා දැනුවත් කිරීම කළයුතුව ඇත.
ළමුන් අතර ඉහළ මරණ අනුපාතයක් දක්වන මෙම රෝගය උණ, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, මේ වන විට 376 දෙනෙකුට ඉන් බලපෑමක් ඇති වී ඇති බවත් 79 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බවත් වාර්තා වේ.
මෙම රෝගය පිළිබඳ මුලින්ම ඔක්තෝබර් 24 වන දින හඳුනාගෙන දෙසැම්බර් මස මුලදී ජාතික බලධාරීන්ට වාර්තා කරන ලදී.
Dease X රෝගය ව්‍යාප්තවීමේ කේන්ද්‍රස්ථානය වන පැන්සි සෞඛ්‍ය කලාපයේ සීමිත රසායනාගාර පහසුකම් මෙන්ම රසායනාගාර යටිතල පහසුකම් සඳහා වන හදිසි අවශ්‍යතාවය පවතින අතර, කිංෂාසා අගනුවර පිහිටි ජාතික විමර්ශන රසායනාගාරයට සාම්පල ප්‍රවාහනය පවා සිදු කළ යුතුව ඇත.
වාර්තා වී ඇති ආකාරයට, හුස්ම ගැනීමේ අපහසුතාව, රක්තහීනතාවය ආදිය මරණයට සම්බන්ධ ප්‍රධාන රෝග ලක්ෂණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.