තාමත් එළි නොදැක්වූ ආණ්ඩුවේ ජාතික ආර්ථික වැඩපිළිවෙල ….

Date:

ආණ්ඩුව අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ තුළ අඛණ්ඩව ගමන් කරනු පෙනේ.. එය හොඳ දෙයකි..

නමුත් අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ යනු බංකොලොත් අගාධයට නොවැටී අල්ලාගෙන සිටීමට ඇති තාවකාලික ආධාරකයක් පමණි .

දැන් ඇති ගැටලුව අයි.එම්.එෆ්. වැඩපිළිවෙළට පිටින් රටේ ආර්ථිකය ගොඩනගන තිරසාර වැඩපිළිවෙළක් ආන්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක කිරීමට යන සංඥාවක් වත් නැතිකමයි..

අති විශාල විරැකියාවක්, සහනාධාර වලින් යැපෙන මහා ජනකායක් සහ ඔවුන්ව නඩත්තු කිරීමට තබා රටේ එදිනෙදා ආර්ථිකය පවත්වාගෙන යාමටවත් නොහැකි දිනෙන් දින උග්‍රවන ආර්ථික පසුගාමීත්වයකින් රට නිරතුරු දැවේ..

පොල් ප්‍රශ්න, හාල් ප්‍රශ්න, එළවළු ප්‍රශ්න යන මේවා සම්ස්ථ මහා අර්බූදයේම විවිධ පැතිකඩවල් පමණි .. එසේම හාල්වලට පාලන මිලක් දැමීම, සහල් හිඟවිට පිටින් ආනනය කිරීම වැනි දෑද මේ ගැටලුවලට සැමදාම භාවිතා කල පැලැස්තර විසඳුම් පමණි ..

මෙහිදී කථානායක ගැටලුව, ආචාර්ය ගැටලුව,රිලා ගැටලුව වැනි සිල්ලර තර්කවල පැටලී සිටිනු විනා ආන්ඩුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ජාතික ආර්ථික වැටසටහනක් ගැන ජනතාවද ප්‍රශ්න නොකරයි..

ආන්ඩුව එවන් වැඩපිළිවෙළක් පෙර සූදානම් කරගෙන නොසිටියේද? දැන්වත් එය සාකච්ඡා මට්ටමේ වත් පවතීද? ඇත්තෙන්ම එවන් වැඩපිළිවෙළක සම්බන්ද සූදානමක් වත් නැද්ද?

ආන්ඩුව පමණක් නොව සමස්ත ජාතියම මේ මොහොතේ මුහුණ දෙන බැරෑරුම්ම ගැටලුව එයයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...