*
Monday, January 13, 2025
spot_img

Latest Posts

ඉන්දියාවේ ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ පියවර

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 13 ,(LNW) කොළඹ :


ඉන්දියාව 2036 ඔලිම්පික් උළෙල කරන්නට සූදානම් බව ප්‍රකාශ කර ඇත.අහමදාබාද් හී මෙම උළෙල පවත්වන්නට මේ වන විට ආණ්ඩුවේ ආශිර්වාදයද පළ කොට තිබේ.ඒ සමඟම ආසියාවේම ඉන්දුනීසියාව ඇතුළු බොහෝ රටවල් 2036 ඔලිම්පික් සිහිනය වෙනුවෙන් සූදානමින් සිටින බවද පැහැදිළිය.ඒ අතර ඉන්දියාව අන් රටවලට බලපෑමක් වන බැවින් වක්‍රාකාරයෙන් ඉන්දියාවට මෙවැනි හැකියාවක් නැති බව හා ඊට බලපාන සාධක උපක්‍රමශීලිව ජනගත කිීමේ වෑයම් ද ඇත.


මෙහිදී විශේෂිත අවධානයට ලක් කරන්නේ මේ වන විට චීනයද ඉක්මවා යමින් තිබෙන ජනගහනය සහ දුප්පත්කමය.ජනගහනය පාලනයට නිසි උපදේශනයක් හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ඉන්දියාව හිතා නැත.ඒ නිසා ම වැඩිපුරම සිඳුවන්නේ දුප්පත්කමත් සමග අත්වැල් බැඳ සිටින නූගත්කම ද එකතු වී ඉතා ආර්ථික දුෂ්කරතා සහ අපහසුතා ඇති පවුල් මත ඇති බර තව තවත් වැඩි වීමය.එම නූගත්කම ඇති වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සි වීමට රට යොදන බර අඩු නිසාය.


නරේන්ද්‍ර මෝඩි දැඩි හින්දු මතධාරියෙකු ලෙස සිය මහජන ප්‍රසාදය සඳහා ඉලක්කගත ආගමික ප්‍රජාව ඉදිරියේ සිත්ගන්නා සුළු හැසිරීමක් ප්‍රකට කරයි.ඒ අතරම නව ප්‍රවනතා සම්බන්ධයෙන් ද හෙමින් සීරුවේ ඉන්දියාව නැඹුරු කරයි.විශේෂයෙන්ම ලිංගික අනන්‍යතා මත වෙනස් කර සැළකීම වැනි කාරණාවලදී නෛතික වශයෙන්ම ලබා දී ඇති ඉඩ නිසා මානව හිමිකම් සහ සමානත්මතාවය සම්බන්ධයෙන් ඉන්දියාව ලෝකයේ අත්කර ගෙන තිබුණු තැන යහපත් අතට පරිවර්ථනය වෙමින් ඇත.විද්‍යාව සහ තාක්ෂණික අතින් ද,නව කර්මාන්ත කෙරෙහි ද අවධානය යොමු කරමින් රට පොහොසත් කිරීමේ ක්‍රියාවලිය භෞතික වශයෙන්ද,මානවීය ගුණාංගවලින්ද ඉදරියට ගෙන යාමට මෝඩි සූක්ෂමව කටයුතු කර ඇත.


ලෝකය ඉදිරියේ දෙවැනි නොවන රටක් ලෙස කැපී පෙනීම උදෙසා ඔහු රටේ මානව සම්පතේ ජවය උපරිමාකාරයෙන් භාවිතයට ගැනීමට විශාල ලෙස ආයෝජනය කරයි.ඒ අනුව ඉන්දීය ක්‍රීඩාව මෙන්ම ඉන්දියාව ඇතුළත විවිධ ක්‍රීඩාවන්ට අදාළව පැවත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සංවිධානයේ ද ඉන්දියාව පෙරමුණ ගෙන ක්‍රියා කරයි.ඒ හරහා ලෝක අවධානය ඉන්දීය නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම අපූර්ව සංස්කෘතික සහ කලා අංගයන්ට ද ප්‍රශංසාවන් ගලා එන පරිදි සකසා සැළසුම් කරන්නට ඉන්දියාවට හැකි වී ඇත.


මේ සියල්ල අතර ඉන්දීය විරුද්ධ දේශපාලනයට ද භාවිතාවට ගත හැකි පරිදි මේ වන විට අභ්‍යන්තරිකව ඔලිම්පික්වලට එරෙහිව කැරල්ලක් නංවන්නට සූදානමක් පවතින බව ඔලිම්පික් උළෙලක් පවත්වන්නට නුසුදුසු ලෙස මතු කරන කාරණාවලින් හෙළිදරව් වෙමින් ඇත.චීනයටත් වඩා වැඩි සේ දකින ඉන්දීය ජනගහනය මිලියන 1428 ක් වීම පිළිබඳව ඉන්දීය පොළව කතා කරන්නේ නැත.එහෙත් ඇත්ත තත්ත්වයනම් එය පාලනයකින් තොරව අසීමිතව වැඩෙමින් තිබෙන බවය.චීනය ඊට විසදුම් ලෙස ගෙන ආ ආකාරයට නොවුණත් ඉදිරි වසර කිහිපය තුළ,උපත් පාලනයේ වැදගත්කම අවබෝධ කර දෙමින් ඒ සදහා අලුත් පරම්පරාව පොළඹවන තත්ත්වයක් ඇති කළ හැකිනම්,සාමාන්‍යෙයන් යුරෝපය,ඇමෙරිකාව තුළ නොදකින %8 ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන ඉන්දියාවේ ජනතාවට පලදායි අනාගතයක් සකස් කරන්නට යම් වැඩි දායකත්වයක් ඇති කරනු හැකිය.


ජනගහනය වැඩි වීම ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ ජනතාව කරා යොමු නොවෙන බවට දැක ගත හැකි හොඳම තර්කය වන්නේ යුරෝපීය සංගමයේ ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදන අගය ඩොලර් 39,000 ක් වුවත්,ඊට වඩා විශාල ආර්ථික වර්ධන වේගයක් පෙන්වන ඉන්දියාවේ දී එම තත්ත්වය ඩොලර් 7000 ක් වීමය.මෙයද සාමානුපාත්කව ජනතාව අතර ආදායම බෙදී හැමට සාමාන්‍ය විදිහට හෝ සතුටු විය හැකි ඉඩක් ඉන්දියාවේ නැති බව ද මෙහිදී සැළකිල්ලට ගත හැකිය.


අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන වැඩිම පිරිසක් සිටින රට ද ඉන්දියාවය.එය ජනගහනයෙන් 30% ක් පමණ හෝ මිලියන 430 ක පමණ ජනතාවකි. යුරෝපා සංගමයේ මුළු ජනගහනයට ආසන්න සංඛ්‍යාව, මිලියන 450 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.ඒ අනුව ඉන්දියාවේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ජන පිරිස යුරෝපා සංගමයේ මුළු ජනගහනයට සමාන නැත්නම් ඉති සමීප අගයකි.එහෙත් මේ සියල්ල නිසා ශ්‍රම වටිනාකම අඩු වීමේ වාසිය අනුව ආයෝජකයෝ ඉන්දියාව කෙරෙහි ආකර්ශණය වීමේ ප්‍රවනතාව ඉහළය.


මේ වාසි සහගත තත්ත්වයන්ගෙන් වැඩි ප්‍රමාණය 2036 ඔලිම්පික් පැවත්වීමට අපේක්ෂිත අහමදාබාද් වෙත හැරවිය හැකිනම් මේ පවතින දරිද්‍රතාවයේ කතාවන් බොහෝ දුරට අඩු කර ගත හැකිය.එහෙත් ඒ අලුත් ආරම්භ කරන ව්‍යාපෘතිවලින් කාබන් දහනය අඩු කිරීම ද අනිවාර්ය විය යුතුය.අධ්‍යාපනික මට්ටම,ජන ජීවිතයට අත්‍යවශ්‍යය කරන අඩු වියදම් නිවාස ව්‍යාපෘති,ස්වයං රැකියා සහ ගෘහාස්ත්‍රිත රැකියාවන් සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම වැදගත් වෙනු ඇත.දැන් සිටම සංස්කෘතිකමය වටිනා කම් සහිත තැන අපූරු වීඩියෝ දර්ශන හරහා ලෝකය සමඟ 2036 ඔලිම්පික් බලාපොරොත්තුව යන අදහස ඇතිව ප්‍රචාරය කිරීම වටින්නේය.


ඉන්දියාවට තව වසර 12 ක් ඉදිරියට හිතන්නට ඉඩ ඇත.ඊට පෙර ඔලිම්පික් ඉල්ලීම සඳහා ඡන්දය විමසීමට අවස්ථාව උදාවන බව සැබෑය.එහෙත් ඒ වන විට මිනිස් ජීවිත භෞතිකව සහ අධ්‍යාත්මිකව සංවර්ධනය කරන අධ්‍යාපන සහ නව රැකියා ක්‍රමවේද ස්ථාපිත කරමින් මෙන්ම දරණ වියදමට සෑහෙන්න ආර්ථිකය පාලනය විදිහේ ජනගහන වර්ධනයේ සීමාවන් ඇති කිරීමට ස්වයංව පෙළඹෙන සුළු වාතාවරණයක් සැකසීමද ආරම්භ කර පෙරට තල්ලු කරගෙන යාම ඉන්දියාව දෙස අලුත් විදිහකට බලන්නට හේතු වනවා ඇත.


ඒ නිසා අහදාබාද් 2036 ඔලිම්පික් පවත්වන්නට නොව අනාගත ඉන්දියාව වඩා පහසු ආර්ථිකයක හුස්ම ගන්නා රටක් කරන්නට මෙන්ම එය සියලු ජනතාවට හොද ආර්ථික වත්කමක් ඇති කරන තරමට වෙනසක් කරන්න 2035 ඔලිම්පික් ඉලක්කය යොදා ගත හැකිය.ක්‍රීඩා පිටි සංවර්ධනය කරන්නට මැටි,පස්,තණ සහ යකඩ වැනි ලෝහ වර්ග සමඟ හැප්පෙන්නට පමණක් නොවේය,තම රටට ඔරොත්තු දෙන විදිහේ සංවර්ධන වැඩ සටහනකින්,නූගත්කම සහ දුප්පත්කම අඩු කිරීම වෙනුවෙන් ද විශාල වැඩ කොටසක් කරන්නට මේ මොහොත ක්‍රියාවේ යෙදවිය හැකිය.


විරුද්ධව දුප්පත්කම වැනි කාරණා පදනම් කරගෙන නැඟිය හැකි විරෝධතා සඳහා මාතෘකා සම්පාදනය වෙමින් තිබෙන මොහොතක මෝඩි නොවුණත්,ඔහුගේ පක්ෂය මෙහෙයවන ආණ්ඩුවකට අහදාබාද් විප්ලවය හරහා 2036 තෙක් බලයේ සිටින්නද බැරි වෙන එකක් නැත.වසර ගණනක් ඉලක්ක කර රටේ පළාත් සහ ඊට අයත්වන ප්‍රධාන නගර සංවර්ධනය ලෙස මිනිසුන්ගේ දරිද්‍රතාවය දුරු කර අධ්‍යාපනය අයිතියක් ලෙස ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය.විශාල ජනතා අධ්‍යාපන කදවුරු හරහා වැඩි පිරිසකට අධ්‍යාපනික දැණුම ලබා දීමේ කාර්යයන් කළ හැකි තාක්ෂණික ක්‍රම ගැන මෙන්ම තාක්ෂණික අධ්‍යාපනය ගැන ද සිතිය යුතුව ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan