මාලිමාණ්ඩුවේ ආචාර්ය උපාධි ප්‍රශ්න තවත් දුරදිග යයි ….

කථානායක අශෝක සපුමල් රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ප්‍රශ්නයෙන් පසුව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ පරීක්ෂාවක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය භාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව පරීක්ෂා කිරීමේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් සඳහන්ව තිබූ “ආචාර්ය” පදවියක් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමේදී සභානායක කාර්යාලය විසින් එවා තිබුණු ලිපියක තොරතුරු අනුව අධිකරණ අමාත්‍යවරයාගේ නමට ඉදිරියෙන් “ආචාර්ය” උපාධියක් සඳහන් කර ඇතැයි කියැවෙන අතර හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර්ය උපාධියක් ගැන සඳහන් කරමින් ලිපියක් භාරදී නොමැති බවත් සඳහන්.

ඒ අනුව “ආචාර්ය” කොටස ඉවත් කර නම නිවැරදි කිරීමට කටයුතු කර ඇති අතර වැරදි ලෙස සටහන්ව තිබූ තවත් තොරතුරු කිහිපයක් නිවැරදි කිරීමට පාර්ලිමේන්තු වෙඩ් අඩවිය භාර නිලධාරීන් කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මීට අමතරව තවත් ඇමතිවරයෙක්ගේ නමට ද ඔහුට නොමැති ආචාර්ය තනතුරක් අමාත්‍යාංශ වෙබ් අඩවියේ සටහන් කර තිබීමක් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ තොරතුරු සංසරණය වෙමින් තිබිණි.

තමන්ගේ උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සහ ඉන් ඉදිරියට වැරදි තොරතුරු භාවිතා කළ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ගණන 3 සිට 7 දක්වා වන බවට විවිධ කතා සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...