පහර කෑමට ලක් වූ මළ සිරුරු; අසාද්ගේ පාලන තන්ත්‍රයේ අපරාධ හෙළි දරවු වෙමින් පවතියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : විපක්ෂයේ සිරියානු සටන්කාමින් විසින් දමස්කස් අල්ලා ගැනීමත් සමඟ ආරක්ෂාව පතා ජනාධිපති බෂාර් අල්-අසාද් සහ ඔහුගේ පවුලේ අය මොස්කව් වෙත පලා යාමත් සමඟ අසාද්ගේ පාලනය කරගෙන යන ලද අපරාධ හෙළි දරවු වෙමින් පවතියි.

පසුගියදා සිරියාවේ මෘත ශරීරාගාරවලින් දරුණු වැඩ හිංසාවලට ලක්වූ, බිහිසුණු තුවාල සහිත මළ සිරුරු විශාල ප්‍රමාණයක් අනාවරණය වූ අතර මෘත ශරීරාගාරයේ සේවකයෙකු වන ආචාර්ය අහමඩ් අබ්දුල්ලා අසාද් පාලනයට චෝදනා කරමින් සඳහන් කර තිබුණේ, මෙය පාලන තන්ත්‍රයේ අපරාධයක් බවත් මධ්‍යකාලීන යුගයේදී පවා මෙවැනි දඬුවම් ක්‍රියාත්මක නොවූ බවත්ය.

පසුගිය වසරේ නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ කොමිසමේ වාර්තාවකට අනුව, සිරියානු පාලනය විසින් දස දහස් ගණන් මිනිසුන් සමූහ මිනී වලවල් වල මිහිදන් කළ බව වාර්තා කෙරේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2017 දී Saydnaya බන්ධනාගාරයේ ආදාහනාගාරයක් ඉදිකර ඇති බවට සාක්ෂි නිකුත් කළ අතර ඔවුන් ඇස්තමේන්තු කර තිබුණේ, දිනකට රැඳවියන් 50ක් පමණ එහි මැරා දැමුණු බවයි.

මෙම කරුණු හෙළි වීමත් සමඟ සිරියාවේ බොහෝ ප්‍රදේශවලින් විවිධ හේතුමත පැහැරගෙන එනු ලැබු තරුණයන්, තරුණියන් සොයා දහස්ගණනින් දෙනා අග නගරයට රැස්වෙමින් සිටින අතර ඔවුන් පිලිබඳ කිසිදු විස්තරයක් වසර ගණනාවකින් පවුල් වෙත ලැබි නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...