කොටස් වෙළෙඳපොළේ වාර්තාමය වෙනසක්!

කොළඹ LNW:කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඊයේ (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එය මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් ලෙසයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

ඊයේ දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි.

මෙහිදී රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...