කොටස් වෙළෙඳපොළේ වාර්තාමය වෙනසක්!

Date:

කොළඹ LNW:කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඊයේ (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එය මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් ලෙසයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

ඊයේ දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි.

මෙහිදී රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...