හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම මට කණගාටුයි!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවේය.

ඒ, අද (13) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

පසුගිය අරගල සමයේ සිට පක්ෂය වෙනුවෙන් ඇය විශාල වැඩකොටසක් කළ කාන්තාවක් ලෙස මෙවර ඇයට පාර්ලිමේන්තු වරම් ලබා දීමට අවස්ථාව තිබුණ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”මම ඇත්තටම පෞද්ගලිකව කණගාටු වෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පක්ෂය වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වුණා. ඒ වගේම අරගලය කාලේ මම දන්නා තරමින් කාන්තාවක් විදිහට නොබියව ඉදිරියට ආවා. අපිට මතකයිනේ ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවෙලා ඉන්න කොට අරගලය කාලේ චරිත ගණනාවක් බිහිවුණාට මුලින්ම අරගලයට නායකත්වය ලබාදීලා මේ රටේ ජනතාව පාරට ගන්නට මූලිකව වැඩකරපු කාන්තාවක් විදිහට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ඉදිරියෙන් ඉන්නවා. අපිට මහතකයිනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පෞද්ගලික නිවසට යන්න තරම් ඇය නිර්භීත වුණා. ඊට පස්සේ තමයි මේ අරගලය ගෝල්ෆේස් එකේ තව තැන්වල නොයෙකුත් ආකාරයෙන් උද්ඝෝෂණ,විරෝධතා පළකරන්න කටයුතු කළේ. මම ඇත්ත වශයෙන්ම කණගාටු වෙනවා එතුමියට මේ අවස්ථාවේ පාර්ලිමේන්තු වරම් ලබාදිය යුතුව තිබුණා. ඒ අවස්ථානුකූලව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 08ක්වත් අපි බලාපොරොත්තු වුණා. නමුත් අපිට ලැබුණේ මන්ත්‍රී ධූර පහයි. මේ වෙලාවේ අපේ මහ ලේකම්තුමාටත්,නායකතුමාටත් ලොකු අභියෝගයක් තිබුණා. මේක සම්බන්ධව තීන්දු තීරණ අරගන්න.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...