*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

මෙම වායු දූෂණ තත්ත්වය එක්වරම අද ඊයේ ඇති වූවක් ද?

◾වායු දූෂණය නිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන බලපෑම් ඇතිවන්න පුලුවන්ද?

◾එහි සෞඛ්‍යමය බලපෑම කෙබඳු ද?

අපට මුහුණ දෙන්නට විය හැකි අනාගත අවදානම් මොනවාද යන්න හඳුනාගෙන ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග තීරණය කර කඩිනමින් ක්‍රියාත්මක වීමට මේ සුදුසුම අවස්ථාවක්.

ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇති වායු දූෂණය තත්ත්වය ගැන බොහෝ අයගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව සංවේදී කණ්ඩායම් , එනම් කුඩා දරුවන්, ගැබිණි මවවරුන්, වයස්ගත පුද්ගලයන් සහ ඇදුම වැනි නිධන්ගත ශ්වසනාබාධ වලින් පෙලෙන පුද්ගලයන්හට මුහුණු ආවරණ භාවිතා කිරීමටත් හැකිතාත් නිවසින් පිටතට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් උපදෙස් නිකුත් කර ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති.

වාතයේ ස්වභාවික සංයුතිය හානිකර අයුරින් වෙනස්කරවන වායු දූෂක විශාල සංඛ්‍යාවක් අතරින් ලංකාවෙ අප මේ දිනවල අවධානයෙන් පසුවන වායු දූෂණ තත්වයට වගකිව යුතු බවට හඳුනාගෙන ඇත්තේ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) බව විශ්ලේශකයින්ගේ අදහසයි.

අංශුමය දූෂක ලෙස පොදුවේ හැඳින්වෙන්නේ දුම්, අලු, දුහුවිලි සහ නොයෙක් වාෂ්ප වර්ගයි. වාහන වලින්, විවිධ කර්මාන්තශාලා සහ බලාගාර මඟින් මෙන්ම බාහිර පරිසරයේ නොයෙක් දෑ පිළිස්සීම මගිනුත් මිනිසා විසින් මේවා වැඩි වැඩියෙන් වායුගෝලයට මුදාහරිනවා. පහසුවෙන් දැකියහැකි වර්ණයකින් සහ එක් ස්ථානයක වැඩි වශයෙන් එක් රැස් වී පවතින අවස්ථාවල පමණක් මේවා පියවි ඇසෙන් දුමාරයක් ලෙස දකින්නට හැකියාව තිබෙනවා. මෙම අංශු අතරින් වඩාත් කුඩා කාණ්ඩයට (PM 2.5) පෙනහලුවල සියුම් අභ්‍යන්තර කොටස් දක්වාම ගමන් කිරීමටත් රුධිරයට ඇතුලුවීමටත් හැකියාව පැවතීම භයානක තත්වයක්.

වායු දූෂණය නොයෙකුත් ක්‍රම මගින් අපට ජීවිත හානි ගෙනදෙන අතරම නිරෝගී පැවැත්මටත් බරපතල තර්ජනයක් එල්ල කරමින් තිබෙන්නේ අද ඊයේ සිට නොවෙයි. අඝාත තත්වයන්, හෘදයාබාධ, පෙනහලු පිළිකා, නියුමෝනියාව, සහ නිධන්ගත ශ්වසන මාර්ග අවහිරතා (COPD) වලට වායු දූෂණය ඍජුවම හේතු වන අවස්ථා ගණන අප සිතනවාට වඩා බොහෝ විශාලයි. මීට අමතරව ඇස් දැවිල්ල සහ කඳුලු ගැලීම වැනි ආසාත්මික ලක්ෂණ ඇතිවීමත් ඇතැම් සමෙහි රෝග උත්සන්න වීමත් වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. කාලගුණයේ වෙනස්කම් සමඟ වරින්වර නිරීක්ෂණය වන බාහිර පරිසරයේ වායු දූෂණ තත්වයට අමතරව ලාංකික අප බොහෝ දෙනා ජීවත්වන්නේ දූෂිත වාතයෙන් යුතු නිවාස ඒකක තුල බව විද්‍යාත්මකව තහවුරු කල කරුණක්. ලාංකිකයින් ලක්ෂයක් සැළකුවහොත් වර්ෂයක් තුල දී 65 දෙනෙකුට ඍජුවම වායු දූෂණය නිසා ජීවිත අහිමි වෙන බව ගණනය කර තිබෙනවා.

මේ මොහොතේ උද්ගතවී ඇති තත්වයට නිකුත් කර ඇති මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින අතරේම , දිගුකාලීන වශයෙන් අප හුස්මගන්නා වාතය පවිත්‍රව පවත්වාගැනීමට නිවාස අභ්‍යන්තරයේ මෙන්ම බාහිර පරිසරයේත් වා‍යු දූෂණයට තුඩු දෙන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම ඉතා වැදගත් වනු ඇති. නිවෙස් තුල මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සඳහා දර වැනි ඝණ ඉන්ධන භාවිතයෙන් ඈත්වීම, උඳුනෙන් පිටවන දුම් නිවසින් පිටතට ගමන් කරන ලෙස චිමිනියක් සකස් කිරීම, කැළිකසල ගිනි තැබීමෙන් වැළකී දිරායන දෑ කොම්පෝස්ට් සෑදීමට දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට කටයුතු කිරීම මෙන්ම අප භාවිතාකරන වාහන නියමාකාරයෙන් නඩත්තුව මඟින් විෂ දුම් වාතයට නිකුත්වීම අවම කරගැනීම පුරවැසියන් ලෙස අපට ගතහැකි වැදගත් පියවර වනවා.

අප සියලු දෙනාම පුද්ගලික මට්ටමෙ අපේ වගකීම් කොටස ඉටු කරන අතරේම සමස්ත ලෝකයම මේ කරුණ ප්‍රමුඛතාවයේ ලා සැළකුවහොත් අනාගතයේ සුරක්ෂිත හුස්ම පොදක් ඉතිරි කරගැනීමට අපට හැකියාව ලැබෙනු ඇති. එසේ නොවුවහොත් මිනිසාට මෙන්ම සතුනට පවා ජීවත්වීමට නොහැකි වටපිටාවක් මිහිමත නිර්මාණය වීම නුදුරේම සිදුවනු නොඅනුමානයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan