*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/13

1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව සන්ධානයක් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ගෙන් ප්‍රකාශයක්!

2. “ජාතික ප්‍රශ්නය සහ අනෙකුත් අදාළ සුළුතර ගැටළු” දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සර්ව පාක්ෂික නායක සමුළුවක් කැඳවයි – ඒ සඳහා මුස්ලිම් නායකයන් ද සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරයි.

3. ඉහළ නිලධාරීන් 08 දෙනෙකුගෙන් යුත් කමිටුවක්, චීනය සහ ඉන්දියාව සමඟ “ණය ප්‍රතිව්‍යුහගත කිරීම” පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි – මෙතෙක් එහි ප්‍රතිඵලය ධනාත්මක බව ද පවසයි – විදේශ අමාත්‍ය අලි සබ්රි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ආර්ථික උපදේශක ආර් සමරතුංග, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන අය මෙම කමිටුවට ඇතුළත් බව සඳහන්.

4. 2023 ශ්‍රී ලංකාවට හොඳම ප්‍රතිසාධන වර්ෂයක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි – ඉන්දියානු සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම එම අරමුණ ඉටු කරනු ඇතැයි ප්‍රකාශ කරයි – ලබන වසරේ කොචි, චෙන්නායි සහ බැංගලෝර් ඇතුළු ඉන්දියාවේ සියලුම ප්‍රධාන නගරවල ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව ද පවසයි.

5. ඉකුත් ඉරු දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකුට සහ ඔහුගේ පුත්‍රයාට ඔවුන්ගේ නිවසේදී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සිසුන් 10 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ටෙරන්ස් මධුජිත් පවසයි – CCTV දර්ශන සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව සැකකරුවන් හඳුනාගෙන ඇත.

6. 2023 මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට පියවර ගන්නා ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර යාපා, එම්.ඒ. සුමන්තිරන්, රංජිත් මද්දුම බණ්ඩාර සහ ජී.එල් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 2ක් ගොනු කරති.

7. එලයන්ස් එයාර් ඔෆ් ඉන්ඩියා (Alliance Air of India) ඉන්දියාවේ පලාලි, චෙන්නායි සහ ශ්‍රී ලංකාව අතර සතිපතා ගුවන් ගමන් නැවත ආරම්භ කරයි  – එම ගුවන් සමාගම 2019 වර්ෂයේ නොවැම්බර් 11 වන දින පලාලි-චෙන්නායි යන නගර 2 අතර ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ මුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ඒවා අත්හිටුවන ලදී.

8. යෝජිත “රාත්‍රී ජීවිකාවන්” වැළැක්වීමට සහ එමඟින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට එකට පෙළ ගැසෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටිති – බුද්ධාගමෙන් පෝෂණය වූ සංස්කෘතිය රාත්‍රී ජීවිකාවන් හේතුවෙන් විනාශ නොවිය යුතු බව ද සඳහන් කරති.

9. සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පොලිසියේ එකඟතාවක්! – විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සහ පොලීසිය එකිනෙකා හමුවන අවස්ථාවලදී එම ප්‍රජාවට ඇතිවන අපහසුතාවයන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා (LGBTQIA+) ඇති ප්‍රජාව සහ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අතර පැවති විශේෂ හමුවකදී සාකච්ඡාවට බඳුන් වෙයි.

10. මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂා කර නීති විරෝධී ක්‍රියාවල නිරත වන සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පොලිසියට උපදෙස් ලබා දෙයි – මහනුවර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ ලිංගික ශ්‍රමය සපයන මධ්‍යස්ථාන දෙකක් පිළිබඳව මාධ්‍ය විසින් කළ අනාවරණයකින් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan