රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටිනවා – හිටපු මහ බැංකු අධිපති

රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

“ඒක හරියටම හරි. ඒ සමඟ රට යන දිශාව තීරණය කරන්න වෙනවා. අපට විකල්ප නැති බව ඇතැම් නායකයන් කියනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කියනවා. මේවා කියනවිට යම් චකිතයක් දැනෙනවා. කවුරු වුණත් ‘‘නෝ ඔප්ෂන්’’ තැනකට වැටුණොත් නැවත ගොඩ එන්න අමාරුයි. එහෙම වුවොත් ඕනෑම දුකක් විඳින තැනකට තල්ලු වෙනවා.”

“2005 දී 2006 දී ඔය කතාවම කිව්වා. සාම මාර්ගය හැරෙන්නට වෙනත් විකල්ප නැති බවට අදහස් පළවුණා. එහෙත් ඒ කතාව නොපිළිගත් නායකයන් එදා සිටියා. ඒ අය වෙනත් විකල්පයකට ගියා. ඒ නිසා රට නිදහස් වුණා. එසේ නොවුණා නම් අද මේ රට තිබෙන්නේ වෙනස්ම තත්ත්වයක. එවැනි නිර්භීත තීරණයක් ගතයුතු තැනකට අද රට පැමිණ තිබෙනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කතාව අනුව ගියොත් ඉදිරියේදී ඉතා දරුණු ප්‍රතිඵලවලට මූණ දෙන්නට වෙනවා. යම් හෙයකින් වෙනත් ගමනක් යන්නට ඕන කියල තීරණයක් ගෙන කටයුතු කළොත් රටට අනාගතයක් තිබෙවි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...