*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගෝටා go home කිව්වා ඉතින් අපි ගියා – බැසිල් රාජපක්ෂ

දැන් 2015 දී ඒ ආණ්ඩුව පෙරලා දමන්නට යහපාලන ආණ්ඩුව ගේන්නට ප්‍රධාන හේතුවක් වූයේ මේ පවුල් වාදය සහ රාජපක්ෂලා හැමතැනම කියන එකයි. නමුත් එදා හිටියේ රාජපක්ෂලා තුන්දෙනයි. 2019 දී යම්කිසි වැරදි නිවැරදි කිරීමක් නොකරම රාජපක්ෂවරු 05 දෙනකු එනම්, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු ඊට අමතරව නවකයෙක් ගෙන එනවා.ඒ මාතර දිස්ත්‍රික්කයෙන් නිපුන රණවක මහතා. එයා රාජපක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් ජනතාවට තිබෙන ප්‍රශ්නය වන්නේ, රාජපක්ෂලාට ඉතාම සමීප අය විතරද ලංකාවේ දේශපාලනය කරන්නට අයිතියක් සහ හැකියාවක් තිබෙන්නේ , වෙන අයට බැරිද යන්නයි.

එම ප්‍රශ්නයට මෙවැනි පිළිතුරක් ලැබුණේ බැසිල් රාජපක්ෂ මහතාගෙනි.

“බොහොම හොදයි ඒක අහපු එක.

මේ එක පුද්ගලයෙක්වත් මම ඇරෙන්න ජනතාව තෝරගත්ත කෙනෙක් මිස වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් මෙතනදදී හැම කෙනෙක්ම 69 ලක්ෂයක් චන්දෙ දීලා රාජපක්ෂ කෙනෙක් ව පත් කරගනිද්දී එයාගේ ඔය රාජපක්ෂ නම තිබුනා. රාජපක්ෂ කෙනෙක් විත්තිය දැනගෙන හිටිය. ඊටපස්සේ අගමැති ධුරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතෙක් වාර්තාගත වැඩිම මනාප ප්‍රමාණය අරන් මහින්ද ආවේ. අනිත් හැම කෙනෙක්මත් එහෙම ගොඩක් චන්ද අරන් ආපු අය. ඉතින් ඔය කියන තරුණයාටත් (නිපුන රණවක) එයාගේ දක්ෂකම දැක්ක නිසා තවත් තරුණයෙක්ට ඉඩ කඩ දෙන්න ඕනි නිසයි අපි අවස්ථාව අපි දුන්නේ. ඒක නිසා ඉදිරියටත් ඔහු මොන කුලේද ජාතියේද අගමේද මොන පවුලේද කියලා බලන්නේ නැතුව පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය තමයි දක්ෂයාට සුදුස්සාට තැන දෙන එක. ඉතින් ජනතාව කියනවා නම් යන්න කියලා අපි අනිවාර්යෙන් යනවා. ඉතින් ගෝටා go home කිව්වා ඉතින් අපි ගියා.”

යැයි බැසිල් රාජපක්ෂ කීවේය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan