*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ජනතාවගෙන් උදුරා ගන්න කලින් රජයේ ආයතනවලින් බදු අයකර ගන්න – චම්පික

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද නොමඟ යවමින් වැඩි ඡන්දයෙන් 15% සිට 18% දක්වා වැට් බදු වැඩි කිරීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙතෙක් කාලයක් වැට් බදු යොදා නොගත්ත තවත් භාණ්ඩ 97කට වැට් බදු එකතු කිරීම සිදුකළ බවත්,ආණ්ඩුවට බහුතරය තිබුණ ද මේ ආකාරයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙවැනි බලහත්කාරී අනුමත කිරීම් කර ගැනීමෙන් තමන්ගේ අසංවරකමත්,අශෝබනකමත් මේ සමාජයට පෙන් වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

2022 තිබූ ආණ්ඩුවේ ආදායම්වලට වඩා 2025 වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 6.5%කින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල දැනුම් දී ඇති අතර වසර 3 ක් වැනි කෙටි කාළයක් තුළ ලොව කිසිදු රටකට අත්පත් කොට ගත හැකි තත්ත්වයක් නොවන බවද මන්ත්‍රිවරයා කියාසිටියි.

එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2000 කට අධික ප්‍රමාණයක් බවද, එහිදී කුඩා දරුවෙකුගේ සිට මහල්ලෙක් දක්වා සියලුම දෙනා රු. ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවුරුදු තුනක් ඇතුළත (2023, 2024, 2025) ආණ්ඩුවට බදු වශයෙන් ගෙවීම සිදු කළ යුතු බවද පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා වැට් බදු නැංවීම තුළින් රජය බිලියන 600 කට අධික ප්‍රමාණයක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බව පවසයි.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක් බවත්, 2024 ආරම්භයේදීම ආණ්ඩුව එක් පුද්ගලයෙක්ගෙන් රු. 30,000 ක් බදු වශයෙන් උදුරා ගැනීමට මෙමගින් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කරයි. මේ ආකාරයට රටේ ජනතාව මත බදු බර නොදමා සීනි, පිටි, පොල්තෙල් වලින් බදු වංචා කළ අයගේ බදු ආදායම් සොයා ඒවා ආණ්ඩුව අය නොකර ගන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ඒ අනුව ඉදිරි වසර තුළ ජනතාවට සහන සැපයීමට අවශ්‍ය කරන ඕනෑම තීන්දුවක් ගැනීමට සූදානම් බව ද ඔහු පවසයි.

තෙල් සංස්ථාවේ ලාභය බිලියන 88ක් වුවද එම ආයතනය ද බදු නොගෙවා ඇති බවත්, රාජ්‍ය ආයතන 52 ක ලාභය බිලියන 303ක් බවත් එම ආයතන වලින් ද, රජය බදු අය කර ගත යුතු බව පෙන්වා දෙන රණවක මහතා, පසුගිය මාසයේ ලංකා විදුලිබල මණ්ඩලේ ලාභය කෝටි 2600 ක් බවත් මේ මාසයේ කෝටි 3000 කට වඩා ලාභයක් අපේක්ෂා කරන බවත් පවසයි.

එම ආයතනවලට බදු නොගෙවිය හැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

තවමත් බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන ආයතනයක් මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු රිසි සේ කරගෙන යන බව ද හෙතෙම සඳහන් කරයි.

ඒ නිසා සෑම සතියකම කෝටි 10.6 ක් (දස කෝටි හැට ලක්ෂයක්) රටට අහිමි වන බවයි රණවක මහතා ප්‍රකාශ කරන්නේ.

රෝහල් සියයක් වැසී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බවත් අධ්‍යාපනය ලැබීමට වසරකට 15000ක් ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණයවීම හේතුවෙන් ඩොලර් මිලියන 600කට අධික ප්‍රමාණයක් රටට අහිමි වන බව ද ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයැදුම් කිරීමෙන් ලොව 12 වැනි රට බවට අප රට පත් ව තිබෙන බව ද ඔහු කියාසිටියි.

නව බදු ප්‍රතිපත්තිය අනුව ඩීසල් ලීටරයක් රු.34 කින්, හා 92 පෙට්‍රල් ලීටරයක් රු. 38 කින් පමණ වැඩිවෙන අතර ලබන වසරේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළ ද ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ වන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඉලක්කගත බදු ආදායම ලබා ගැනීමට අවශ්‍ය නම් වියදම් කප්පාදු කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැනෙන සුළු අයට දැනෙන විදියට කළ යුතු බවත්, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂටත්, 2020 අගෝස්තු මාසයේ දී පොහොට්ටුවට ඡන්දය දීමේත් ප්‍රතිඵලයක් ලෙසට සැමට ආදායම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් අහිමිව ඇති බවත් ඔහු පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan