දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල්ට එරෙහිව නැවත දෝෂාභියෝගයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පළමුවර ගෙන එන ලද දෝෂාභියෝගය අසාර්ථක වීමෙන් සතියකට පසුව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල්ට එරෙහිව දෙවන දෝෂාභියෝගය එරට විපක්ෂය අද(14)ජාතික සභාවේදී ගෙන ඒමට සුදම් බව වාර්තා වේ.

රට පුරා විරෝධතා සහ උග්‍ර අවිනිශ්චිත භාවය අවුලුවාලමින් පසුගිය දෙසැම්බර් 3 දා යූන් විසින් යුද නීතිය ප්‍රක්ෂයට පත් කිරීමත් සමඟ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් මෙලෙස දෝෂාභියෝග ගෙන එන ලදී.

මෙම දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් දකුණු කොරියාවේ ආසන 300ක් සහිත ජාතික සභාවේ අවම වශයෙන් ඡන්ද 200ක් එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර විපක්ෂ කණ්ඩායමට ආසන 192ක් පමණක් හිමිව තිබීමෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා ජන්ද 8ක් අඩුය.

මේවන විට යුන්ට එරෙහිව ඔහුගේම පක්ෂයේ විරුද්ධ මහජන මතයක් ගොඩ නැගී ඇති අතර ඔවුන් සිය නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ යුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන ලෙසත් ඔහුට අත්තනෝමතිකව සිය බලය භාවිතා කිරීමට ඉඩ නොදිය යුතු බවත්ය. කෙසේ නමුත් පසුගියදා මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, “ඔවුන් මට දෝෂාභියෝගයක් ඉදිරිපත් කළත්, මා ගැන විමර්ශනය කළත්, මම ස්ථිරව සිටිමි” යනුවෙනි.

ජාතික සභාව දෝෂාභියෝගය සම්මත කළහොත්, ඒ මොහොතේ සිට යූන්ගේ ජනාධිපති බලතල අත්හිටුවනු ඇත.

මෙම කාල සීමාව තුළ දකුණු කොරියානු අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 වැනි වගන්තිය යටතේ වැඩ බලන ජනාධිපතිවරයාගේ භූමිකාව භාර ගනු ඇත. කෙසේ නමුත් මේ වන විට යුද නීතිය ප්‍රකාශ කිරීමේදී ඔහු කළ කාර්යභාරය සම්බන්ධයෙන් අගමැති හැන් ඩක්-සූට දෝෂාභියෝගයක් ගෙන ඒමට ද විපක්ෂය සලකා බලමින් සිටින අතර හැන්ට ද දෝෂාභියෝගයක් එල්ල වුවහොත්, වැඩබලන ජනාධිපතිවරයා ලෙස ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අගමැති ධූරයට පත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...