ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW:

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගෙන  ආයෙත් ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට ප්‍රමෝදය වික්‍රමසිංහ පැමිණෙන බව කියවෙයි.ඔහු හිටපු සහ විශාල චෝදනා ගණනාවක් සමඟ ප්‍රතික්ෂේප වූ තේරීම් කමිටු සභාපතිවරයෙකි.ඒ ප්‍රතික්ෂේපවීම සිඳු වූයේ ක්‍රිකට් පරිපාලනයෙන් නොවන අතර දේශපාලන බලධාරීත්වයෙන් සහ ජනතාව අතර එම විරෝධය මත ඇති වුණ විරෝධය හේතුවෙන්ය.


ප්‍රමෝදය මැච් බැලීමේ සංස්කෘතිය ඉක්මවා වෙන මානයකට තේරීම් කමිටුව රැඟෙන යන්නට සමත් විය.එහිදී ක්‍රීඩකයන්ගේ තරග සහ එහි ලකුණුත්,කඩුලුත් එකතු කිරීමෙන් ඔබ්බට ගොස් ප්‍රමෝදයගේ තේරිම් කමිටුව ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා පරීක්ෂණයක් කිරීමේ කලාව හඳුන්වා දෙන්නට මූලිකත්වය ගත්තේය.මෙහිදී ක්‍රීඩකයන්ගෙන් ද තමන් කැමති ක්‍රීඩකයින්ව නොතේරීම නිසා මහජනයාගෙන් කියා පෙනෙන්නට තිබුණත්,යෝග්‍යතාවය අසමත් වූ ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් හරහා ක්‍රියාත්මක වූ මහජන විරෝධයක් ද විශේෂයෙන් සමාජ ජාලාවන් මූලික කරගෙන පැතිරෙන්නට විය.


ඒ නිසා ප්‍රමෝදයට ක්‍රිකට් නරඹන්නන්ව ප්‍රබෝධමත් කරන්නට නොහැකි විය.එහෙත් දේශපාලකයන් සිය බලය යොදා ගෙන කරන ලද වෙනස්කිරිම් තේරීම් කමිටුව ඇඟේ ගසන විට ප්‍රමෝදය නිකං සිටියේද නැත.ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තේරීම් කමිටුව වගකීමට බැදී නැති බව සහ තේරීම් කමිටුවේ තීරණ අවසාන වශයෙන් සළකා බලා අනුමත කිරීම පැවරී ඇත්තේ ක්‍රිඩා අමාත්‍යවරයාට බව පැහැදිළි වන්නට ගත්තේ ප්‍රමෝදයගේ කාලයේය.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඔහුගේ උපදේශක අර්ජුන රණතුංග හරහා කළ එම බලපෑම් වෙනස් කිරීම් නිසා කඩා වැටුණු තැන්වලදී එය අමාත්‍යවරයාගේ පැත්තෙන් තේරීම් කමිටුව විවේචනයක් දක්වා ගලාගෙන එද්දී එය හරස් කරමින් ඊට හේතු වූ දේශපාලන බලපෑම ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට ප්‍රමෝදය ඉදිරිපත් විය.


එහෙත් යෝග්‍යතා පරීක්ෂණය කරන අවස්ථාව වන විට සැමට එක හැන්දෙන් සැළකීම සුදුසු නැත.ඒවා ඉතා අසීරු කඩඉම්වල නො‘රඳවා සිඳු කළ යුතු වන්නේය.එයින් අදහස් කරන්නේ යෝග්‍යතාවය අනවශ්‍යය කාරණයක් කියා නොවේය.එහිදී තවත් වැදගත් ඉතිහාස කාරණයක් ද සිහිපත් වන්නේය.යෝග්‍යතාවය ගැන අර්බූදයක් පදනම් කරගෙන අරවින්ද සිල්වා ඉවත් කළ අවස්ථාවේ අර්ජුන සමඟ කණ්ඩායම වර්ජනය කර පිරිසේ ප්‍රමෝදයද සිටියේය.
එවැනි ප්‍රමෝදයටම නැවත යෝග්‍යතාවය යන්න නෛතික රාමුවකට ඇතුළත් කර ක්‍රිකට් ක්‍රීඩාව වෙත රැඟෙන එන්නට සිඳු විය.එම තේරුම් ගැනීම ඓතිහාසිකව නිවැරදිවීමකි.එසේම අරවින්ද පන්නයේ වෙස් භුමිකාවන් කියවා ගැනීමට සම්මත මිණුම් දඩු නොගැලපෙන බව ද එම ඉතිහාස පාඩමේම කොටසක් හැටියට ප්‍රමෝදය දත යුතුය.
ප්‍රමෝදය තවත් ආකාරයක දක්ෂයෙකි.ඔහු දේශපාලනය ඉදිරියේ බොහෝ සෙයින් නම්‍යශිලීව හැසිරෙන්නට දන්නේ දේශපාලනය තමන් දෙසට නම්මා ගැනීමේ සූත්‍රයේ සිටය.රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දේශපාලනයට පැමිණී ප්‍රමෝදය මහින්ද රාජපක්ෂ වෙත නැමුණේ ඔහුගේ පැත්තෙන් විශාල ව්‍යාපාරික වාසි ලැබෙන ගස් තමන්ගේ පැත්තට නමා ගනිමින්ය.දැන් ජාතික ජනබලවේග රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ද අපහසුවෙන් ඔහුව මෙම තනතුරට නම්මා ගෙන ඇති බව වාර්තා වෙන්නේ ඔහු අමාත්‍යවරයාව කොයිතරම් විශ්වසනීය අන්දමෙන් තමන් දෙසට නම්මාගෙන ඇද්ද යන්න සිහියට නංවා ගනිමින්ය.


ප්‍රමෝදය ඇහුං කං දීම සම්බන්ධයෙන් ගත් විට තමන් වෙත දමා ගසන සියල්ල ඉවත් කිරීමට හෝ ඒවාට නිදහසට කරුණු කියන්නට නැවතෙමින් ගමන ප්‍රමාද කර ගන්න කැමති කෙනෙකු නොවේය.එහෙත් සමහර තැන්වල ඔහු නැවතීම අත්‍යවශ්‍යය වන්නේය.එකම ගමණ යද්දී ඔහු එකම ආකාරයට ගමන් කරනවා විනා නැවතිය යුතු සහ නොනැවතිය යුතු තැන් නිවැරදිව හඳුනාගෙන නැත.වැදගත් නැවත අලුතින් තේරීම් කමිටු සභාපති තනතුර භාර ගන්නවානම් මේ වෙනස් විය යුතු තැන් නිවැරදිව හඳුනා ගැනීමය.එසේම ලෝක කුසලාන තරගාවලියට පෙර මේ වගකීම ප්‍රමෝදය ඇතුළු පිරිසකට ලැබෙනවානම් මහා විප්ලව කරන්න කාලයක් නැති බව ඔහු අවබෝධ කර ගත යුතුය.ඒ නිසා මූලික වශයෙන් පවතින තේරීම් කමිටුවේ තේරීම් සහ ඔවුන් කණ්ඩායමට නොගෙන බංකුවලට පමණක් කැඳවන පිරිස අතරට මූලික වශයෙන් අවධානය යොමු කළ යුතුව ඇත.නැතිනම් වන්නේ ගලාගෙන ආ සැඩ පහරට බරපතලම මොහොතේ ඇඳුම් ගලවා පැනීම වැනි දෙයක්ය.


එහෙත් කල්පනාවෙන් මේ වගකීමට අධ්‍යයනයකින් යුතුව මුහුණ දිමෙන් ප්‍රබෝධය ළඟා කර දිය හැකිය.ප්‍රමෝදය එය තේරුම් ගැනීමේ ප්‍රමාණය අනුව සාර්ථක හෝ අසාර්ථක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...