සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

Date:

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය සංදර්ශන දැම්මට සහන දීමට අවශ්‍ය චක්‍රලේඛ හෝ තවම නිකුත් කා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආපදාව නිර්මාණය වන්නට පෙරත් ආපදාව ක්‍රියාත්මක වන කාලයේ දීත් ආපදාවෙන් පසුවත් යන අවස්ථා 03 දීම ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතල අඩුපාඩුකම් ඌනතා හා විෂමතා දකින්නට ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රජයේ නිලධාරීන් පවා කිසිදු වැඩපිලිවෙළක් නොමැති බවට පවසන අතර විවිධ සුදුසුකම් මත මූල්‍ය සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දී ඇති මුත් මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් වැඩපිළිවෙළක් හා චක්‍රලේඛ නිකුත් කර නොමැති බවට ආපදා කළමනාකරණ සහන සේවකයන් ප්‍රකාශ කරන බවද විපක්සැහැ නායකයා කියා සිටියි.

මේ ආකාරයට ආපදා කළමනාකරණය සිදු වන්නේ නම් රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිට බවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළේ ප්‍රතිසංස්කරණයක් පරිවර්තනයක් හා නවීකරණයක් සිදුව සම්පත් ලැබිය යුතු බවත් එය නොවන්නේ නම් ඉදිරියේ දී ඇති වන ආපදාවල දී පවා සිදුවන්නේ මිනිස් ජීවිත සුරක්ෂා වීම නොව විපතට පත් ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ජන ජීවිත විනාශ වීමක් බවත් හෙතම තවදුරටත් පවසයි.

මේ යල්පැනගිය මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩපිළිවෙළ පසෙකලා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුළි කුණාටුවෙන් දැවැන්ත විපතට පත් වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නැංවීම උදෙසා හුස්ම ව්‍යාපෘතිය තුළින් ගම්පොළ රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහි දී Patient Monitor 5ක් සහ Syringe pump 2ක් පරිත්‍යාග කිරීම සිදු විය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පවසන්නේ කඳවුරුවල සිටින ජනතාවගේ ජනජීවිත සුරක්ෂා කරන්න රජයත් සියලු දෙනාත් කැපවිය යුතු බවයි.

එමෙන්ම විපක්ෂයක් ලෙස දැනුත් ජනතාවට උදව් කරන බවත් වැඩපිළිවෙළ සඳහා යම් යම් බාධා ඇති බවත් මේ ව්‍යුහාත්මක බාධා ඉවත් කර ගෙන රට ගැන සිතිය යුතු බවත් ලක්ෂ 220ක් ජනතාව සහ විපතට පත් ජනතාව ගැන සිතා ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේද පසෙකලා අවතැන් වූ ජනතාව විපතට පත් ජනතාව සුවපත් කිරීමට සැපවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් හෙතෙම පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...