පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය අධික ජල ධාරාව හේතුවෙන් හානියට පත් පේරාදෙණිය කළු පාලම සඳහා ඉංජිනේරුමය විසදුමක් ලබාදීම සඳහා වූ ශක්‍යතා අධ්‍යයනයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දියත් කොට තිබේ.

පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය මාර්ගය සම්බන්ධ කොට මහවැලි ගංගාව හරස් කොට ඉදි කොට ඇති මෙම පාලම දිගින් අඩි 348කින් යුක්ත වේ. බ්‍රිතාන්‍යෙයේ හොරස් සමාගම මගින් කොටස් 04ක් වශයෙන් ගෙන්වා වර්ෂ 1897දී සවි කොට ඇති මෙම පාලම මැද කොටසේ ආධාරක කණු වලට අධික වර්ෂාව හේතුවෙන් හානි වී තිබේ. මේ වන විටත් විශාල උණ පදුරු එහි රැදි ඇති බැවින් මුලින්ම පාලම පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ දිස්ත්‍රික් දුම්රිය අධිකාරී ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.

මහනුවර කොළඹ දුම්රිය මෙම පාලම මතින් ගමන් කරන අතර පාලමට සිදුව ඇති හානිය නිසා එය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර සිදුව ඇති හානිය පරීක්ෂා කරන බවත් ඒ සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පේරාදෙණය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ දායකත්වය හිමිවී තිබේ. දැනට උණ පදුරු ඇතුලු අවහිර වී ඇති කොටස් ඉවත් කරන බවත් අනතුරුව පාලමේ පාදමට සහ සෙසු කොටස්වලට සිදුව ඇති හානිය පරීක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...