පොහොට්ටුවේ නායකත්වය යළි මහින්දටම!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් වී තිබේ.

අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් පක්ෂ නායකත්වයට යළි මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය ස්ථීර කළේය.

ඉන් අනතුරුව සභාවේ සිටි පක්ෂ සාමාජිකයන්ගේ එකඟතාව මත එම යෝජනාවට පක්ෂ මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව ලැබුණි.

කෙසේවෙතත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුකෙරෙන අතර බොහෝ දුරට එය තරුණ නායකත්වයක් අතට පත්විය හැකි බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...