වැඩබලන පොලිස්පතිට එරෙහිව NPP කාන්තාවන්ගෙන් පෙත්සමක්!

කොළඹ LNW:පසුගියදා පොල්දූව මංසන්ධියේ දී ජාතික ජන බලවේගයේ සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.

ඒ,මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන්රුපියල් මිලියනය බැඟින් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

ජාතික ජනවලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අචාර්ය හරිනි අමරසූරිය ඇතුළු එහි සාමාජිකාවන් පස් දෙනෙකු විසින් එම පෙත්සම ගොණු කර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,වැලිකඩ,තලංගම හා මිරිහාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා,නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු නම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය පිළිබඳ විවාදය පැවති ඉකුත් 04 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී එම විරෝධය පැවති අතර සාමකාමී ලෙස පැවති එම විරෝධතාවයට පොලිස් නිලධාරීන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ලකර විසුරුවා හැරීමට කටයුතු කළ බවත්, එවැනි බලයක් යෙදවීමට එම අවස්ථාවේ දී පොලීසියට කිසිදු අවශ්‍යතාවයක් මතු නොවූ බවත් පෙත්සමෙන් චෝදනා කර සිටියි.

පොලීසිය විසින් සිදුකළ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම මඟී තවදුරටත් ඉල්ලා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...