ෂම්මිගේ පෙත්සමත් අවසන්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොණුකළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.

ඒ ඉදිරියේදී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවක් මතු වුවහොත් පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබා දෙමිනි.

විගණකාධිපති වාර්තාවෙන් දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි වීමෙන් අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සභාපති ලෙස පත්කරමින් පංච පුද්ගල අන්තර් පාලන මණ්ඩලයක් පත්කරන ලදී.

ඊට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණු කළේ.

අභියාචනාධිකරණය හමුවේ ක්‍රිකට් සභාපතිවරයාගේ රිට් පෙත්සම සලකා බලමින් පවතින අතරතුර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අවලංගු කිරීමට කටයුතු කෙරුණ අතර ඒ පිළිබඳව මීට පෙර පෙත්සම සළකා බැලූ අවස්ථාවේ අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...