ෂම්මිගේ පෙත්සමත් අවසන්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොණුකළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.

ඒ ඉදිරියේදී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවක් මතු වුවහොත් පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබා දෙමිනි.

විගණකාධිපති වාර්තාවෙන් දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි වීමෙන් අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සභාපති ලෙස පත්කරමින් පංච පුද්ගල අන්තර් පාලන මණ්ඩලයක් පත්කරන ලදී.

ඊට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොණු කළේ.

අභියාචනාධිකරණය හමුවේ ක්‍රිකට් සභාපතිවරයාගේ රිට් පෙත්සම සලකා බලමින් පවතින අතරතුර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අවලංගු කිරීමට කටයුතු කෙරුණ අතර ඒ පිළිබඳව මීට පෙර පෙත්සම සළකා බැලූ අවස්ථාවේ අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...