ලංකාවට ඔලිම්පික් ප්‍රමිතියේ හොකී පථ දෙකක්.

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): කොළඹ සහ මාතලේ අබලන්ව පවතින කෘතිම හොකී පථ වෙනුවට නවතම තෘතිම හොකී පථ දෙකක් ස්ථාපිත කිරීමේ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම දෙසැම්බර් 15 වන දා මැලේසියාවේදී සිදු කෙරිණ.එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ආසියානු හොකී සම්මේලනය අතර සිඳු වූ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික රියල් අද්මිරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු අත්සන් තැබීය.

ආසියානු හොකී සම්මේලනය වෙනුවෙන් එහි සභාපති ෆුමිඕ ඔගුරා අත්සන් තැබු අතර එම අවස්ථාවට ලෝක සම්මේලනය වෙනුවෙන් එහි සභාපති ඩටෝ ඩයියබ් ඉක්‍රම් ද එක් වීම කැපී පෙණින.


මෙම ධාවන පථ සම්බන්ධ ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ ඔඩු දුවමින් තිබුණ අතර නව ක්‍රිඩා අමාත්‍යවරයා පත්වීමෙන් පසුව එම සාකච්ඡා ධනාත්මක මට්ටමෙන් පවත්වා ගෙන යමින් වට්ටම් සහිත මිලකට ලබා ගැනීමට හැකි වීම යහපත් තත්ත්වයකි.අවශ්‍යය මුදල් දින 10 ක් තුළ ආසියානු හොකී සම්මේලනයට ගෙවීමේ පදනම මත අත්සන් තබා තිබෙන මෙම එකඟතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට නිල් පැහැති ඔලිම්පික් ප්‍රමිතිය සහිත කාතිම හොකී පථ දෙකක් ලැබීමට නියමිතය.එහි ඉදිකිරීම් සම්බන්ධ වගකීම ක්‍රිඩා අමාත්‍යංශය දරන අතර මෙම එකඟතා ගිවිසුම අත්සන් කිරීමට ක්‍රිඩා නියෝජය අමාත්‍ය රෝහණ දිසානායක ද එකතු වි ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...

නාමල් අද අධිකරණයට

කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා...

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...