ප්‍රවීන තරගාවලියේ අවසාන තරග තුනක් නියෝජනයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

වියට්නාමයේ පැවත්වෙන ආසියානු ප්‍රවීනයන්ගේ බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් පුර්ව තරග සඳහා අද මුහුණ දුන් ඉසව් හතරේදී ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.


අවුරුදු 45 කාන්තා අංශයෙන් කේවල තරග සඳහා ඉදිරිපත් වන චන්ද්‍රිකා ද සිල්වා මොංගෝලියාව නියෝජනය කරන ලුව්සන්බට් බැට්සෙට්සෙග්ට එරෙහිව සිය අවසන් පූර්ව තරගය නිමා කරේ ලකුණු 21 – 9 ක් සහ 21 – 7 ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබමින්.ඇය වයස 110 එකතුව කාණ්ඩයේ මිශ්‍ර අවසන් තරගය සඳහා ද පිවිසීමට සුදුසුකම් ලබා ගත්තා.ඒ රොහාන් ද සිල්වා සමඟ එක් වී ඉන්දියාවේ බන්ට්වාල් සුනිල් සහ විජයලක්ෂ්මී සුබ්‍රමනියම් පරාජයට පත් කරමින්.එහි ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 8 ක් සහ 21 – 16 ක් ලෙසයි.


අවුරුදු 45 කේවල පිරිමි අංශයෙන් තරග වැදුණු මංජුල ප්‍රනාන්දු සිය අවසන් පූර්ව තරගයට මුහුණ දුන්නේ එම කාණ්ඩයේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින ලලිත් යදාව් සමඟයි .මංජුල ද සිය ප්‍රබල ප්‍රතිවාදියාව ලකුණු 21 – 13 සහ 21 – 15 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.

අවසන් පූර්ව තරගයෙන් අවසාන තරගය සඳහා පිවිසීමට නොහැකි වූයේ අවුරුදු 110 සහ 80 එකතුව යටතේ තරග වැඳුණු චන්ද්‍රිකා ද සිල්වා ට සහ ලක්ෂ්මි පුංචිහේවා පමණයි.ඔවුන් දෙදෙනා ඉන්දියාවේ එස්.භානු සහ යස්මින් ෂායික් ඉදිරියේ වට 3 – 1 ක් ලෙස පරාජය ලැබුවා.එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 21 – 18,16 – 21 සහ 8 – 21 ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...