ජපන් රජයේ අනුග්‍රහය යටතේ දිවයින පුරා මිතුරු පියස සහ යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක්

Date:

ජපන් රජයේ අනුග්‍රහය යටතේ මෙරට ක්‍රියාත්මක කෙරුණු කාන්තා හා යොවුන් සෞඛ්‍ය වෙනුවෙන් වූ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මිතුරු පියස සහ යොවුන් පියස මධ්‍යස්ථාන 105 ක් පිහිටවනු ලැබ තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 1.4 ආධාර ව්‍යාපෘතියක් වන මේ යටතේ කාන්තාවන් හා තරුණ පිරිස්හි සෞඛ්‍යමය තත්ත්වය නගා සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හරහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය , කාන්තා කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය නොවන සංවිධාන, පවුල් සැලැසුම් සංවිධානය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

වසර 03ක ව්‍යාපෘතියක් වන මෙහි සමාප්ති අවස්ථාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (15 දින) අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා..

මෙරට සමස්ත සෞඛ්‍ය සේවාව මෙන්ම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අභිමානවත් ඓතිහාසික පසුබිමක් පවතින බවත්, ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් ප්‍රතිපත්ති හා උපාය මාර්ග තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක මැදිහත්වීමක් පවතින බවත් පැවසීය.

මෙම සේවාවන් රටෙහි සමස්ත පුරවැසියන් වෙනුවෙන් ලබාදීමට හැකි පරිසරයක් රට තුළ ස්ථාපිත වී තිබීම ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ වටිනාකමක් ගෙන දෙන්නක් බව ද අමාත්‍යවරයා කීය.

1994 දී කයිරෝ අගනුවර දී පැවති ජනගහන හා සංවර්ධන පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී සම්මත කර ගැනුණු ක්‍රියාකාරී වැඩසටහනට ශ්‍රී ලංකා රජය ද අත්සන් තබා ඇතැයි මෙහිදී පැවසූ අමාත්‍යවරයා එය අනුගමනය කරමින් ප්‍රජනක සෞඛ්‍ය සංකල්පය, මාතෘ හා ළමා සෞඛ්‍යයට හඳුන්වා දුන් බවත් හෙතෙම කීය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන තුළින් ප්‍රජනක සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා කීය.

පසුගිය වසර කිහිපය තුළ ජාතික වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද නව යොවුන් පිරිස් සහ යෞවනයන් වෙත අවධානය යොමුව තිබෙන බව ද මෙරට මෙරට සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් වයස අවුරුදු 10 ත් 24 ත් කාණ්ඩයට අයත් යැයි ද ඉන් වයස අවුරුදු 10- 19ත් අතර හඳුනාගෙන ඇති පිරිස 16% ක් යැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය එම කාණ්ඩයේ පිරිස්හි සෞඛ්‍ය යහපත් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බවත් ඒ තුළ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවත් හෙතෙම කීය.

ජපන් රජයේ මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා රෝහල්වල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් යොවුන් පියස මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් තරුණ හිතකාමී සෞඛ්‍ය සේවා සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකි වූයේ යැයිද ඒ මහතා පැවසීය.

කාන්තාවන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා මිතුරු පියස මධ්‍යස්ථාන තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් අය සඳහා සේවා සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙම අවස්ථාව සදහා ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ අදේනි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ (අතිරේක ලේකම් ) වෛද්‍ය ලක්ෂමී සෝමතුංග ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ චිත්‍රමාලිද සොයිසා යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...