ජනපති e කොළම.

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW :

කෝටි ගණන් වැය කර සම්මත කරගත් අයවැයෙන් ජනතාව දෙව්ලොව ගෙනයාම…?

විපක්ෂයේ අයවැය විවාදය ඔවුන්ගෙන් ගිළිහීම….?

රනිල් දන්න එකම ක්‍රීඩාව එළිවෙයි….?

කපටි නරියා ඉතිහාස ටීචර්ට ඇදීම….?

යක්කු ගස් නගින වෙලාවේ රනිල් හා ඇමෙරිකන් මහින්ද ගේ වොෂින්ටන් මෙහෙයුම.

ල්කපටි නරියා බිළී පිතිතක් රැගෙන විපක්ෂ ලොබියට….?

සජබ ආණ්ඩුවක මුදල් ඇමතිකම දෙන කෙනා කවුද…?

මුළු විපක්ෂයේම කාලය ගෙන කතා කරන කෙනා ජවිපෙ නායකයා හෙළි කිරීම…?

මම ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම් ඉටුකරනවායි තොප්පිය දාගැනීම…?

ඡන්ද මඟ ඇරලා රෑ කනබොන පාටියට ගිය කුමාරවරු…?

දින 27 ක් පුරා කෝටි ගණන් පුච්චමින් එකට කමින් බොමින් එහෙත් සභාගැබ තුළ ගහමරාගත් අයවැය නිමාවිය. එය මෙන්ම ආන්දෝලනාත්මක වැට් විවාදය විපක්ෂයට අමතරව ආණ්ඩුවේ දෙතුන් දෙනෙක් කකුල් මාට්ටු දාද්දී ආණ්ඩුව දිනුවේ කප් ගසාය. ඒ තුළින් ජනතාවට දැන් දෙව්ලොව යන පාර ඇරුණාද. “මේක විපක්ෂයේ විවාදය. එයාල ප්‍රයෝජන ගත්තෙ නෑ. ආණ්ඩුවට බැට දෙන වෙලාව ක්‍රිකට් කෝප් උසාවි වගේ සෙසු ඒවට යටකලා” කපටි නරියා කීවෙි පාර්ලිමේන්තු ඡන්ද ඉහළින් දිනපු වෙලාවේය.

රටට තීරණාත්මක12 දා උදාවිය. කොළඹින් වොෂින්ටන් වෙත ද එහෙන් මෙහාටද ඇමතුම් හුවමාරු විය. හිරවූ රටට IMF ඩොලර් ලැබෙනවාද නැද්ද තීන්දු වන්නට තිබුණේ එදාය. එදින වොෂින්ටන් තානාපති අංශ වලට නිදි නැති රැයක් විය. ණය අනුමත වූ පුවත IMF ප්‍රධානීන් මුලින්ම කීවේ මහින්ද සමරසිංහ ටය. ඒ ඇමෙරිකාවේ “සුදු”යක්කු ගස් නගින මහ රෑ ය. මහින්ද එය වහාම ජනපතිට කීවේය. ඒ සමගම වොෂින්ටනයේ සිටින සමීප මිත්‍රයෙක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් ට එය කීවේය. එම පුවත දැනගත් මුල්ම දෙදෙනා ජනපති හා දිනිත් වූයේ ඒ තුළය.

රටපුරා පුවත පැතිරවීමේ වගකීම දිනිත් ට පැවරිණ .

මම ඔයාගෙ කෝල් එක එනකං මග බලාගෙනයි හිටියෙ” රනිල් මහින්දට කීවේ සතුටිනි. “ණයක් ලැබීම ලොකු දෙයක් නෙවෙයි. ඒත් මේ මඟ හැර වෙන ක්‍රමයක් තියෙනව නම් කෑගහන අය පෙන්නන්න ඔිනෑ” රනිල් කීවේය. “සමහරු හිතුවෙ අපි IMF නැතුව හිරවේවි කියලයි. අපේ ටීම් එක වැඩේ හොදට ප්ලේ කලා. මහින්ද සමරසිංහත් වොෂින්ටන් වල රෝල් එක හොදට කලා” රනිල් කීවේ පාර්ලිමේන්තු කාර්යාලයේදීය.

ඇමෙරිකන් මහින්දගේ කාර්යාලයේ සිට IMF වලට දුර ඇත්තේ ඇමෙරිකන් බාසාවෙන් මයිලයකි. ඔහු IMF සමඟ නිතර කතා කළේය. ඔවුන්ගේ තර්ක බිදලමින් ප්‍රතිතර්ක ගොඩ නැගුවේය. සියලු කොන්දේසි ඉටු කරනතුරු ණය නොදෙන්නෙමු යන මතවාදය කුඩු පට්ටම් වූයේ ඒ තුළය. වැට් විවාදය ඝණපූර්ණය නැතිව ඇදවැටීම ආණ්ඩුවේ පසුබෑමකි. ලොකුවට දේශන දෙන ආණ්ඩුවේ ප්‍රධාන දෙදෙනා එහි චූදිතයන් වුවද පෙරලුනු පිට මත ගේම් ගහන ජනපතිට එය ගැටලුවක් නොවීය.

කපටි නරියාගේ සටකපටකම් තුළ එය පසුදා දිනීම විපක්ෂයේ හා ඊට පස්ස හැරවූ ආණ්ඩුවේ දෙතුන් දෙනාගේ ද පරාජයකි. එම ඡන්ද මග හැරි ආණ්ඩුවේ කුමාරවරු ජය සැමරූ කනබොන රෑ පාටි වලට පැමිණීම විපක්ෂයේ ප්‍රහාරයට ද ලක් විය. කපටි නරියා බිලී පිත්තක් රැගෙන පසුගියදා විපක්ෂයේ ලොබියට ගියේය.

මද්දුමබණ්ඩාර කබීර් හර්ෂ ට කතාකරන අතරේ අනුර දිසානායක අසලින් ගියේය. “මම ඔයාගෙ කතාව අහන්න ආවේ” රනිල් කීය. “මුළු විපක්ෂය වෙනුවෙන්ම කතා කරන්න කෙනෙක් ඉන්නවා..එයා අපේ වෙලාවත් අරන් කතා කරනවා” අනුර කියාගෙන ගියේ කාගේත් සිනාමැදය. “එහෙනම් එයා උතුරු කොරියාවට යවමු.

එහෙත් තකා කරන්නෙ එක්කෙනයි නේ” රනිල් සජිත් මෙන්ම උ: කොරියාව ආදර්ශයට ගන්නා ජවිපෙ අනුර ද එක මිටට ගෙන පොළොවේ ගැසුවේය. “විපක්ෂයට කතා කරන්න වෙලාව නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්” මෛත්‍රී “හිටං” කීවේ ද එහෙමය. සජබ පිරිසක් සමග රනිල් ලොබියේ ඩීල්දාන බව ට ඔත්තු ලැබුණු සජිත් ද එහි ආවේය. “ඔබ ගැනයි මෙතන කතා කළේ” අයෙක් කීය. “මම ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම ඉටු කරනවා” සජිත් කීය.

“ඒ වුණාට ඔයාගෙ ආණ්ඩුවේ මුදල් ඇමති ගොඩහේවා නේද” කපටි නරියා කළුගල් පදාස පවා පුපුරණ ඩයිනමයිට් එකක් පිපිරෙව්වේය. “නෑ නෑ ඇමතිකම් තීන්දු කරල නෑ” යයි කී සජිත් ලිස්සා ගියේය. මන්ත්‍රීවරුන්ගේ ගෘහස්ථ ක්‍රීඩා තරග වල තෑගි දීමට ජනපති ගියේය. එය නලින් බණ්ඩාර සංවිධානය කර තිබිණ. “නලින් සැරට ආණ්ඩුවට ගහනවා.

ඒත් හිතේ වෛරයක් නෑ. වාද කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙම නොවීම ගල් යුගයයි. මම වසර 45 ක් තිස්සෙ කරන්නෙ දේශපාලන ක්‍රීඩාවයි” රනිල් කීවේ සිනා මැදය. “තාජුඩීන්, එක්නැළිගොඩල ගෙ ඝාතන නොසොයා වසර 108 ක් පරණ හෙන්රි පේද්‍රිස් ගැන සොයන්නෙ ඇයි” රනිල්ට දුස්රාවක් වැටින. “එතුමා වහුම්පුර කුලයේ කෙනෙක්. කෝලාහල වලට ගියේ නෑ. ඒත් ඒ පියා ජාතික සටනේ හිටියා. පියා ගෙන් පළිගන්න, වහුම්පුර අය යටපත් කරන්න, වහුම්පුර අයගෙ ඉඩම් වලට රිංගන්න ඒ ඝාතනය කලා විය හැකියි. එනිසා මේව හොයන්න ඔින” නරියා ඉතිහාස ටීචර් ට ඇන්දේ එසේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...