රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

Date:

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18 වැනිද) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත පැවසුවේ, කරුණු තුනක් මුල් කර ගනිමින් එම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූ ජනතාවට සහන සැලසීම, හානිවූ මහා මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම අතුරු අයවැය ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ යටතේ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීම වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 100කි.

මහා මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 250ක මුදලක් වෙන් කෙරෙනු ඇත.

ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 150ක් වෙන් කෙරෙන බව ආචාර්ය අනිල් ජයන්ත පැවසීය.

රජය මෙම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, 2026 වසර සඳහා වන ඇයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් මසකටත් අඩු කාලයකදී ය.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (දෙසැම්බර් 17 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

අරමුදල් සපයා ගන්නේ කෙසේද?

මෙම අරමුදල් සපයා ගැනීම සඳහා ආණ්ඩුව කිසිදු බදු වැඩි කිරීමක් හෝ අමතර ණය ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යංශය සතු දැනට ඉතිරිව ඇති අරමුදල් ද ඒ සඳහා උපයෝගී කර ගන්නා බව යි.

රජය පාර්ලිමේන්තුවේ අනුමත කර ගෙන ඇති ණය ගැනීමේ සීමාව ඉක්වා යෑමට අපේක්ෂා නොකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජාත්‍යන්තර ආධාර සමුළුවක්

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධර සමුළුවක් මෙරටදී පැවැත්වීමට ද රජය තීරණය කර තිබේ.

රීබිල්ඩින්ග් ශ්‍රී ලංකා කමිටුව විසින් එම තීරණයට එළඹ ඇත.

නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පැවසුවේ, විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා රජය හඳුන්වා දුන් බැංකු ගිණුම් තුළින් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට රුපියල් බිලියන 4කට අධික මුදලක් මේ වන විට ලැබී ඇති බව යි.

පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර ගැනීම හෙට

අද (දෙසැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා) පෙ.ව 9.30 පාර්ලිමේන්තුව රැස්විය.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 18 සහ 19 දෙදින ම රැස්වීමට නියමිත ය.

අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දෙසැම්බර් 19 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එදින රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කර ගැනීමට නියමිතව ඇත.

බීබීසී සිංහල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...