Otar Iosseliani මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 89 හැවිරිදි වියේ පසු වූ ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ මිතුරෙකු වන ඡායාරූප ශිල්පී Yuri Rost විසින් නිවේදනය කර ඇති බව සඳහන් වේ.

Pastorale සහ Favourites of the Moon වැනි චිත්‍රපට සඳහා Otar Iosseliani ප්‍රසිද්ධියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සෝවියට් සමූහාණ්ඩුවේ උපත ලද, Iosseliani ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ප්‍රංශයේ බව පැවසේ.

ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය Irakli Garibashvili පවසා  ඇත්තේ , ජෝර්ජියානු කලාවේ ගෞරවනීය චරිතයක් ලෙස Otar Iosselianiව හඳුන්වා දෙමින් ඔහුගේ මරණය පිළිබඳ පුවත ගැන තමා දැඩි ශෝකයට පත් වූ බවයි.

ජෝර්ජියානු අගනුවර වන Tbilisi හි උපත ලද Iosseliani 1966 දී ඔහුගේ පළමු සම්පූර්ණ දිග චිත්‍රපටය වන Falling Leaves නිර්මාණය කලේය.

එම චිත්‍රපටයට කෑන්ස් සිනමා උළෙලේදී සම්මාන දෙකක් ලබා ගැනීමටද අවස්ථාවද  ලැබී ඇත.

ඔහු 1982 වසරේදී බර්ලින් චිත්‍රපට උළෙලේදී ඔහුගේ Pastorale චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව ප්‍රංශයට ගොස් ඇති බවද පැවසේ.

1984 දී සාදන ලද Favourites of the Moon, වැනිසියේ විශේෂ ජූරි ත්‍යාගය දිනාගත් අතර එතැන් පටන් මෙම උළෙල ඔහුගේ චිත්‍රපට සඳහා විශේෂ ස්ථානයක් හිමිකර ගනු ලැබීය.

2011 දී Munich ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහුට ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානයක්ද පිරිනමනු ලැබූ බවද වාර්තා වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...