*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

කවුරු කුමන අවලාද නැඟුවත් පොහොට්ටුව ඉදිරියට යනවා – රෝහිත අබේගුණවර්ධන

මැතිවරණයට බියෙන් පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට උත්සාහ දරණ බවට විපක්ෂය කුමන චෝදනා කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම අවස්ථාවකදී පැවැත්වෙන මැතිවරණයකට සූදානම් යැයි පැහැදිලිවම ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී (17 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැකවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,

” විවිධ බාධක මැදින් බිහිවූ අපේ පක්ෂය කුමන අවලාද නැගුවත් ඉදිරියට යනවා.මේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් ලාබාලතම පක්ෂය වන අපේ පක්ෂය මැතිවරණ ජයග්‍රහණ තුනක් පිට පිට ලබා තිබෙනවා.මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කෙරෙන ඕනෑම දිනක පැවැත්වෙන මැතිවරණයකට අප සූදානම්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර මේරටේ ජන්දය ඉල්ලන ඔය දේශපාලන පක්ෂ වලින් එකක්වත් ඡන්දයකට සූදනම්ද කියලා අපි අහනවා. පක්ෂයක් ලෙස අපි දැනටමත් ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළකර ඡන්දයට ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන තරුණ පිරිස ඇතුළු සැමගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

මේ රටේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි තිබෙන සියලුම පළාත් පාලන මැතිවරණ කොට්ඨාශයකම අපේ සංවිධාන ජාලය තුළ ශක්තිමත්ව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එමනිසා ඕනෑම වෙලාවක මැතිවරණය පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් ජනතාවට නම් තිබෙන්නේ මැතිවරණයක අවශ්‍යතාවය නොවෙයි. පවතින අර්ථික අර්බුදයට මුහුණදීම සම්බන්ධවයි. බඩු මිල ඉහල ගොස් ජනතාවට ජීවත්වීට අපහසුකම් තියෙනවා. මේ අවස්ථාවේ කොහොමද මේ තත්ත්වයෙන් ගොඩඑන්නේ කියලා. එම නිසා ඡන්දයක අවශ්‍යතාවය මුලින්ම විමසිය යුත්තේ රටේ ජනතාවගෙන් .අවශ්‍ය ඡන්දයක්නම් අපි ලෑස්තියි.අපි ඡන්ද කල්දාන පක්ෂයක් නොවෙයි. පළාත් සභා ඡන්දයට මොකදවුනේ. පළාත් සභා තියෙනවා. නමුත් මහජන නියෝජිතයින් නැහැ.මේ තත්ත්වය ඇතිකළේ කවුද?

මේ අතරේ විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක් කියනවා මේවෙලාවේ අවශ්‍ය පළාත් පාලන මැතිවරණයක් නොව පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා. ඔවුන් එහෙම කියන්නේ එක ප්‍රාදේශීය සභාවක්වත් ඒ පක්ෂයට ජයග්‍රහණය කිරීමට නොහැකි බවට තිබෙන බිය නිසයි. ඒ දේශපාලන පක්ෂවලට එකවෙලාවකට මේ රටේ ව්‍යවස්ථාව ඕන. තවත් වෙලාවකට කියනවා මේ ව්‍යවස්ථාවෙන් වැඩක් නැහැ මේක ලියවිල්ලක් විතරයි ,මේක ඉරා දමන්න ඕන කියලා. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙන්නේ අවුරුදු පහකට සැරයක් ,පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේ අවුරුදු හතරකට පසු. පක්ෂවලට වාසි අවාසි වෙනකොට මැතිවරණ තියන්න බැහැ. කොවිඩ් ව්‍යසනය කාලයේ සජබ යේ නායකයින් පාර්ලිමේන්තු මැතිවරණය කල්දාගන්න කෙතරම් උත්සාහ දැරුවද? ජයග්‍රහණයේ හා පරාජයේ තීරණය ජනාවගේ අතේ තිබෙන දෙයක්.

අරගලයේ ප්‍රතිඵල දැන් දැන් එළියට එනවා. මේ අරගලයට මූලිකත්වය ගත්තේ විශ්ව විද්‍යාලවල තිබෙන යම් යම් සංවිධාන. සමස්ථ විශ්ව විද්‍යාල දරුවෝ නොවෙයි.. ඒ සංවිධානයි විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන අහිංසක දරුවන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගෙන ඒ දරුවන් පාරට ගේන්නේ. ඒවාට සහභාගී නොවුනහොත්, පිකට්කරන්න නාවොත් ඒ දරුවන්ට ඒ විශ්ව විද්‍යාලයතුළ ඉගෙන ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

විශ්ව විද්‍යාල තුළ දේශපාලන පක්ෂවලට සම්බන්ධ සංවිධානවල අය අරගලයේදී කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. මේ සිස්ටම් චේන්ජ්එකේ ප්‍රතිඵල දැන් පේන්න තිබෙනවා. තමන්ට උගන්වන ආචාර්ය මහාචාර්යවරුන්ට ඔවුන්ගේ දරුවන්ට පහරදීම් වලින් පැහැදිලිවෙනවා සිස්ටම් චේන්ජ් එක. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා මේ අය තමන්ට උගන්වන ගුරුවරයට බිමදාගගෙන පහර දෙනවා. අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහපාරේ මරාදමනවා. තමන්ගේ මතයට විරුද්ද හැම කෙනාම ගහලා මරලා දාන එකද ඔවුන්ගේ සිස්ටම් චේන්ඡ් එක කියල අපි අහනවා. අරගලය කරපු අයගේ හුඟක් තොරතුරු දැන් එළියට එනවා. අරගලයේ ඇතුලේ වෙනම කඳවුරු හැදිලා. මේක තුළ සිදුවුනේ රට ආපස්සට යෑමයි. ඉතිහාසයෙත් මේදේ සිදුවුනා. 1971, 1983, 1988, 1989, හා 2022 රට ආපස්සට ගෙනයාමට ,රට විනාශකිරීමට කටයුතු කලා. ඒ කණ්ඩායම් මේවට වගකිව යුතුයි.

ජනතාව අපහසුතාවයට පත්ව තිබෙන මේ අවස්ථාවේ විදුලිය බිල වැඩිකිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අපි එකඟ නැහැ. රටේ ආර්ථිකයේ ප්‍රශ්නයක් තිබෙන බව අපි දන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ජනාධිපතිවරයාගෙන් හා විෂයභාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා විදුලිය බිල වැඩි නොකර වෙනත් ක්‍රමයකින් ආදායම් සොයාගන්න කියලා”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan