තවත් වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ සිටි නිලධාරියෙකු අසහට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ, සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමග ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි. එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහල කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පොලිසිය සඳහන් කරයි..

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, තරුණ පිරිස පළා ගොස් ඇති බව පවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...