ගෝල්ෆේස් අරගල බිමේ ක්‍රියාත්මක වූ අරගලය FM හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ සමාජ ක්‍රියාකාරික සසික දිසානායක මහතාව අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
ඔහු පවසන පරිදි ඒ අරගලය FM සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවිය යුතු පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටියදී ඔවුන් නොකැඳවා රට වෙනුවෙන් කතා කරන පුද්ගලයින් කැඳවමින් ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින් සිටින බවයි සසික දිසානායක මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
මෙලෙස මර්දනය කිරීමට හදන වාරයක් පාසා සිදුවන්නේ තවදුරටත් පන්නරය ලැබීම බවත් තවමත් අරගලය අවසන් නොමැති බවත් ඔහු අවධාරණය කරන ලදී.
ASK