*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කොටස් වෙළඳපොලේ විදේශ ශුද්ධ ආයෝජන වසර 10කට පසු ඉහළට..

කොළඹ කොටස් වෙළඳපොලේ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය අවුරුදු දහයකට පසු රුපියල් බිලියන 24.06 ක් වාර්තා වී තිබේ. මීට පෙර වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2013 වසරේ වන අතර, ඒ රුපියල් බිලියන 22.07 ක් ලෙසිනි. දස වසරකට පසු මේ වසරේ ජනවාරි සිට දෙසැම්බර් 16 දක්වා එම වාර්තාව ඉක්මවා රුපියල් බිලියන 24.06 ක මට්ටමකට විදේශ ශුද්ධ ආයෝජන ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට හා විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ එවැනි ශුද්ධ විදේශීය ආයෝජන රටට ගලා ඒම විශේෂත්වයකි.

පසුගිය වසර හතර තුළ දක්නට ලැබුණේ විදේශ ආයෝජකයන් විසින් ආයෝජන පිටතට රටින් ගෙන යෑමේ තත්ත්වයකි. ඒ අනුව 2018 වසරේදී ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය සෘණ බිලියන 23 ක් ද, 2019 දී සෘණ බිලියන 11.07 ක් ද, 2020 දී සෘණ බිලියන 51 ක් ද, 2021 දී සෘණ බිලියන 53 ක් ද වශයෙන් ආයෝජන මෙරටින් පිටතට ගෙන ගොස් ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan