මස්ක්ගේ ප්‍රජාචංචවාදේ රෙද්ද පල්ලෙන් බේරේ!

Date:

මිලියන 10කට අධික ජනතාවක් මස්ක්ගේ කට වසන්නට දරණ වෑයමක් ලෙස ට්විටර් හි ප්‍රධාන විධායක ධුරයෙන් ඔහුට ඉවත් වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීමට කටයුතු කිරීම කාගේත් කතාබහට ලක් විය.

ට්විටර් හි අනාගත ප්‍රතිපත්ති සම්බන්ධ ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ගෙවීම් සිදු කරන ට්විටර් බ්ලූ ග්‍රාහකයින්ට පමණක් බව’ එම සිදුවීමෙන් අපහසුතාවයට පත් මස්ක් පවසා සිටියේ ය.

ඉකුත් ඉරු දින මස්ක්; ඔනෑම මත විමසුමක ප්‍රතිඵලවලට අවනත වන බවට පොරොන්දු වෙමින් සමාගමේ ප්‍රධානියා ධුරයෙන් ඉවත් විය යුතු දැයි ට්විටර්පරිශීලකයින්ගෙන් විමසීය. ඊට පිළිතුරු ලෙස සඳුදා දින ඡන්ද විමසීම අවසන් වූ විට සියයට 57.5% කගේ මතය වූයේ ඔහු ඉවත් විය යුතුය’ යන්නයි.

සාමාන්‍යයෙන් ට්විටර් වේදිකාවේ බහුල පරිශීලකයෙකු වන මස්ක් ඡන්ද විමසීමෙන් පසු පැය කිහිපය තුළ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් පසුවිය. මස්ක්ගේ කටට ඉබ්බෙක් දැමුවාක් මෙන් එම තීරණය ඔහුගේ හිතට තදින් කා වැඳී ඇති බව ඉන් ගම්‍ය වේ.

ඡන්ද විමසීමේ ප්‍රතිඵල ව්‍යාජ ගිණුම් හේතුවෙන් විකෘති වී ඇති බවට ඉදිරිපත් වූ විවිධ කොමෙන්ටු වලට යටි සිතින් සතුටු වූ මස්ක් “සිත්ගන්නාසුලු” අයුරින්ඒවාට ප්‍රති උත්තර බඳිමින් සිටියේ ය. ඉන් ඔහුගේ නිහඬ පිළිවෙත ද බිඳී ගියේ ය.

තම පෞද්ගලික අයිතිවාසිකමක් ලෙස පවත්වාගෙන යන සමාගමේ බහුතර හිමිකරු ලෙස කිසිවකුට ඔහුව බලෙන් නෙරපා හැරිය නොහැක, නමුත් පසුගියදින කිහිපය තුළ ඇති වූ මස්ක්ගේ ව්‍යාකූල තීරණ මාලාවන් හේතුවෙන් ඔහුගේ සමීපතයන් පවා ඔහු සමඟ සබඳතා බිඳ දැමීමට දෙපාරක් නොසිතා තිබේ.

පසුගිය සතියේ මස්ක්ගේ පෞද්ගලික ජෙට් යානයේ පිහිටීම නිරීක්ෂණය කළ ට්විටර් ගිණුමක් තහනම් කිරීමට තීරණයත් සමඟ එම තහනම පිළිබඳ වාර්තාකළ විවේචනාත්මක මාධ්‍යවේදීන් විශාල පිරිසකගේ ද ට්විටර් ගිණුම් ඔහු විසින් අත්හිටුවන ලදී.

“ඉදිරියේදී ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා ඡන්දයක් පැවැත්වෙනු ඇත. මාගේ කණගාටුව. නැවත මෙවැන්නක් සිදු නොවනු ඇත.” යන්නෙන් මස්ක් මතවිමසුමෙන් පසුව මෙසේ සටහනක් තබා තිබුණි.

“Banned! Banned!! Banned!!!” මස්ක්ගේ ඔළුව වටා ගෙවන සෑම දිනකම ගමන් කරන්නේ මෙවැනි උද්දෘතයන් විය හැකිය. මස්ක් ට්ටිටර් හි අප්පච්චිවූ දා පටන්; අර ගිණුම තහනම්! මේ ගිණුම තහනම්! කියා අඩු නැතිව දැක ගැනීමට අපේ දෑස් පින් කර තිබුණි.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...