*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඩොලර් ඉපැයීම් රඳවා තබා ගැනීමේ චෝදනා හමුවේ තේ අපනයනකරුවෝ තම තමාව රැක ගනිති!

ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් තම කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් අද වනතෙක්  ඉදිරියට පැමිණ ඇත්තේ ඔවුන් විසින් උපයනු ලබන ඩොලර් මෙරටට ලබා නොදී ඔවුන් සන්තකයේ තබා නොගන්නා නිසාත් මහ බැංකුවේ අදාළ නීති රීතිවලට අනුකූලව කටයුතු කරන නිසාත් බව ඔවුහු තරයේම ප්‍රකාශ කළහ.

ඒ පසුගියදා තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) මහ බැංකු (CBSL) අධිපති නන්දලාල් වීරසිංහ මහතා හමුවී මුදල් නිරීක්ෂණ ආයතනය නියම කර ඇති පරිදි අපනයන ආදායම් පරිවර්තනය නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් ලැබ ඇති චෝදනා වලට අදහස් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

නමුත් තේ අපනයනකරුවන්ගේ සංගමය ඊයේ දිනයේ මාධ්‍ය වෙත සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පෙන්වා දුන්නේ ගෙවීම් ලැබීම ප්‍රමාද කිරීමේ හෝ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවස්ථාව වෙනස් කිරීමේ දැවැන්ත මට්ටමේ හැකියාවක් එම අංශය සතුව නොමැති බවයි.

මෙයට හේතුව ලෙස ඔවුන් අවධාරණය කළේ අපනයන භාණ්ඩවල වටිනාකමෙන් සියයට 75 කට ආසන්න ප්‍රමාණයක් තේ පිරිවැය වන අතර විශේෂයෙන් වර්තමාන ඉහළ පොලී අනුපාත ක්‍රමය තුළ  අපනයනකරුවන්ගේ පැවැත්ම රඳා පවතින්නේ විකුණුම් ආදායම නියමිත වේලාවට ලැබීම මත බවයි.

අනෙකුත් තේ නිෂ්පාදනය කරන රටවල පවතින දැඩි තරඟකාරීත්වය සහ සුපිරි වෙළඳසැල් විසින් ඉල්ලා සිටින දීර්ඝ ගෙවීම් කොන්දේසි හේතුවෙන් බොහෝ අපනයන සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද ආපසු ගෙන්වා ගැනීමේ කාල සීමාව සැලකිල්ලට ගෙන සැපයුම්කරුවන්ගේ ණය සඳහා සාධාරණ කාල සීමාවක් ලබා දෙන බව එම සංගමය තවදුරටත් ප්‍රකාශ කළේය.

තවද එම සංගමය සඳහන් කළේ වෙන්දේසියේ දී මිලදී ගන්නා ලද තේ දින හතක් ඇතුළත නිරවුල් කරනු ලබන අතර විකුණුම් ආදායම බොහෝ විට නැව්ගත කළ දින සිට දින 30-90 තුළ ලැබෙනු බවත් නැතහොත් ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණ හෝ අර්ධ ගෙවීමක් කල්තියා ලැබෙනු ඇති බවයි.

මහ බැංකුව පෙන්වා දෙන සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව තේ අපනයන සමාගම් තම අපනයන ආදායමෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් දේශීය මුදල් බවට පරිවර්තනය කරන බව ඔවුහු පැවසූහ.

අපනයනකරුට ඔහුගේ අපනයන ආදායම ලැබුණු පසු, ණයට ගත් කාරක ප්‍රාග්ධන කොටස බැංකුව විසින් අඩු කරනු ලබන අතර ඉතිරි කොටස පමණක් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා ඉතිරි වේ.

ඒ අනුව එම සංගමය තවදුරටත් කියාසිටියේ මෙම මූදල් ප්‍රමාණය වාණිජ බැංකුවලින් සහ තේ අපනයනකරුවන්ගේ සැබෑ විදේශ මුදල් පරිවර්තන මත පදනම්ව මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අතර විෂමතාවයට හේතු වූ බව ඔවුන්ගේ මතය බවයි.

දැනට, අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් වර්ග පහක් කිරීමට බලය ඇත.එනම් ඇසුරුම් ද්‍රව්‍ය සහ අනෙකුත් යෙදවුම් ආනයනය, විදේශ මුදලින් ලබාගත් ණය පියවීම, සන්නාම ප්‍රවර්ධන කටයුතු සඳහා ගෙවීමයි.ඒ අතරට ඔවුන් හට නීතිමය ගාස්තු, සහතික කිරීමේ ගාස්තු සහ බෙදාහරින්නන් සඳහා කොමිස්, නැව්ගත කිරීමේ සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සඳහා ද ගෙවීමක් සිදු කිරීමට සිදු වේ.

ඉතිරි ශේෂයන් මහ බැංකු රෙගුලාසිවලට අනුව අදාළ වාණිජ බැංකු විසින් ඊළඟ මාසයේ හත්වැනිදා වන විට දේශීය මුදල් බවට පරිවර්තනය කරනු ලබන බවට ද තොරතුරු අනාවරණය විය.

ඒ අනුව වගකිවයුතු පාර්ශවකරුවන් ලෙස පවතින ආර්ථික තත්ත්වය යටතේ අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බව තමන් පිළිගන්නා බව තේ අපනයනකරුවන්ගේ සංගමය එහිදී අවධාරණය කරන ලදී.

අවසාන වශයෙන් අත්තිකාරම් ගෙවීම් මෙන්ම කල් දැමූ ගෙවීම් ආවරණය කරමින් තේ අපනයනයට අදාළ සියලුම වාර්තා නිවැරැදිව පවත්වාගෙන යන ලෙසත් මෙම සම්පූර්ණ දත්තයන්  මහ බැංකුවට වාර්තා කරන ලෙසත් ඔවුහු වාණිජ බැංකුවලින් ඉල්ලා සිටියහ.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan