යුධ උමතුව මැද එකිනෙකාගේ පිට කසා ගන්නා රුසියාව සහ ඉරානය!

ඉරානය සහ රුසියාව අතර පවතින යුධ සබඳතා පිළිබඳ අනාවරණයක් එක්සත් රාජධානිය විසින් සිදුකොට තිබේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් ඊයේ (19) දින ප්‍රකාශ කර සිටියේ, ඉරානයෙන් ලැබෙන ඩ්‍රෝන යාත්‍රාවලට ප්‍රති උපකාර ලෙස රුසියාව විසින් ඉරානයට දියුණු යුධ උපකරණ ලබා දීමට සැලසුම්කර ඇති බවයි.

මෙම ප්‍රති උපකාරයට පාදක වී ඇති ඩ්‍රෝන යාත්‍රා ප්‍රදානයේදී ඉරානය විසින් ඩ්‍රෝන සිය ගණනක් රුසියාවට ලබා දී ඇති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ.

ඒ අනුව, රුසියාවේ විශාලතම හමුදා සහායකයකු බවට ඉරානය පත්ව ඇති බව වොලස් රුසියානු-යුක්රේන යුධ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අතරතුර පවසා සිටියේය.

බිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට අනුව, ඉරානය විසින් කමිකාසි (kamikaze) ඩ්‍රෝන 300 කට අධික ප්‍රමාණයක් රුසියාවට ලබා දී ඇති අතර, ඊට ප්‍රති උපකාර වශයෙන් රුසියාව විසින් ලබා දීමට නියමිත දියුණු යුධ උපකරණ මැද පෙරදිග සහ ජාත්‍යන්තර ආරක්ෂාව යන දෙකම යටපත් කිරීමට සමත්ව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ඡායාරූප: SalamPix / Shutterstock

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...