ගුවන් යානා ඉන්ධන ඕන නං ඩොලර්වලින් ගෙවන්න – තෙල් සංස්ථාව ශ්‍රීලංකන් බළධාරීන්ට දැනුම් දෙයි

Date:

ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන තවදුරටත් අවශ්‍ය නම් ඒ සඳහා වන මුදල් ඇමරිකානු ඩොලර්වලින් ගෙවීමට කටයුතු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත දැනුම් දී තිබෙනවා. තෙල් සංස්ථාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තවදුරටත් ණය පදනම මත ඉන්ධන ලබාදිය නොහැකි බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත මේ වනතෙක් ලබා දී ඇති ඉන්ධන සඳහා ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවා ගොස් තිබේ.

මෙම දැනුම්දීම මත ඉදිරි ඉන්ධන මිලදී ගැනීම් වෙනුවෙන් ඩොලර් ගෙවීමට ශ්‍රීලංකන් බළධාරීන් එකඟතාවය පළකර ඇති බවද වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය වෙත ලබාදෙන දැවිතෙල් සඳහාද ඩොලර්වලින් ගෙවීම් කරන ලෙස තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...