මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ නීති පීඨයේදීත් සිසුන්ගේ විරෝධය …. (VIDEO)

Date:

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙහි උපාධි ප්‍රදානෝත්සවයේදී ද එම විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සිසුන්ගේ විරෝධය එල්ල වී තිබේ.

ඒ අනුව සිසුන්ගෙන් කොටසක් මුරුත්තෙට්ටුවේ හිමි අතින් උපාධි සහතිකය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උපකුලපතිනිය සමග පමණක් ඡායාරූපයට පෙනී සිට වේදිකාවෙන් ඉවත්ව යන අයුරු දැකගැනීමට හැකිවිය.

උත්සවයෙහි වේදිකාව මත අසුන්ගෙන සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම සිදුවීමෙන් දැඩි අපහසුතාවකට ලක්වන අයුරු ද දැකගත හැකිවූ අතර කෙසේවෙතත් සිසුන් යම් ප්‍රමාණයක් එහිමි අතින් උපාධි සහතික ලබාගෙන ද තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ විශ්ව විද්‍යාලයෙහි කුලපති තනතුරට පත්කරන ලද අතර එම පත්කිරීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් මෙන්ම ආචාර්යවරුන්ගෙන් ද දිගින් දිගටම විරෝධය එල්ල විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...