*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

2024 අධ්‍යාපනයේ ගමන්මග වෙනස් ආකාරයකින්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එළැඹෙන 2024 වසරේ නව පාසල් වාරය ආරම්භ කරමින් පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පවත්වා ඒ හරහා පාසල් මට්ටමින් මව්පියන් සහ පන්ති භාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගැනීමට, පාසල් බලධාරීන් පියවර ගත යුතු බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙසේ පැහැදිළි කළේය.

පාසල් ආරම්භ වූ පසු නිල ඇඳුම් බෙදාදීම, පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කිරීම ඇතුළු පාසල් පද්ධතිය තුළ සිදු කරන සමස්ත කාර්යභාරය තුළ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වෙත ද විශාල වගකීමක් පැවරෙනවා. කොවිඩ් කාලයේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීමට නොහැකිව මග හැරුණු බොහෝ දේ නැවත ක්‍රියාවට නැංවීමට පියවර රැසක් ගත යුතුයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම සියලු‍ පත්වීම් ලබාදීමට කටයුතු කර ඇති අතර, මෙම පත්වීම්ලාභීන්ට තම වෘත්තීය සුදුසුකම් පියවරෙන් පියවර සාධනය කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ලිපිකරු දක්වා උසස්වීම් වෙත ළඟා විය හැකියි.

මෙම පත්වීම්ලාභීන්ගෙන් 562 ක පිරිසකට ජාතික පාසල් වෙත පත්වීම් ලබා දී තිබෙනවා. පත්වීම්ලාභීන් 48කට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත පත්වීම් ලබාදී තිබෙනවා.ගුරු මධ්‍යස්ථාන සඳහා පත්වීම්ලාභීන් 10ක් යොමු කර තිබෙනවා.

ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපන පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට පියවර ගන්නවා. පාසල් පර්ෂද පිහිටුවීම, පාසල් මණ්ඩල ස්ථාපනය කිරීම, දැනට පවත්නා අධ්‍යාපන කලාප කාර්යාල සංඛ්‍යාව 100 සිට 120 දක්වා වැඩි කිරීම, උසස් පෙළ සහිත සියලු‍ පාසල් මූලික අදියර යටතේ ඩිජිටල්කරණයට පියවර ගැනීම ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් ඒ අතර වෙනවා. පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවක පිරිසක් පැමිණ ඔවුන්ගේ රාජකාරී කාලය ගුරුවරුන් මෙන් 1.30ට අවසන් කිරීමට අවසර ඉල්ලා සිටිනවා. රජයේ සේවයට ඇතුළත් වන සියලු‍ දෙනා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුගතව ක්‍රියාත්මක විය යුතුයි. හෙයින් පැය අටක සේවා කාලය වෙනස් කිරීම මට කළ නොහැකි බව ඔවුන්ට දැනුම් දුන්නා.

අනධ්‍යයන සේවකයින් තම සේවා කාලය ගුරුවරුන්ගේ සේවා කාලය සමඟ සැසඳීමට යෑම සාධාරණ නොවන බවට ඔවුන්ට පැහැදිලි කර දුන්නා.

අධ්‍යාපන පද්ධතිය වඩාත් ඵලදායීව කාර්යක්ෂමව හා ගුණාත්මකව සංවර්ධනය කළ හැකි වන්නේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් ප්‍රමුඛ අධ්‍යයන කාර්ය මණ්ඩලවල සහයෝගය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් ද සහයෝගයෙන්, කැපවීමෙන් මෙන්ම වගකීම් සහගතව ස්වකීය කාර්යභාරය ඉටු කළහොත් පමණයි”

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ පුරප්පාඩු සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 620 කට පත්වීම් ප්‍රදානය කරමින් මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදී ඊයේ (19) පැවැති උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan