ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයත් තහනම්!

Date:

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වරම් හිමි නොවන බව තලිබාන් සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ වත්මන් තලිබාන් පාලනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ ලිපියක දැක්වෙන පරිදි, නැවත දැනුම් දෙන තුරු කාන්තාවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවසර හිමි නොවනු ඇත.

එමෙන්ම මෙම තීරණය වහා ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාවට නංවන බව ද එම ලිපියේ සඳහන්.

මෙම තීරණයට එළඹෙන්නේ, මීට මාස තුනකට ඉහත දී ඇෆ්ගනිස්ථානය පුරා ගැහැණු දරුවන් සහ කාන්තාවන් දහස් ගණනක් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිට ඇති පසුබිමක වීම ද විශේෂත්වයකි.

ඒ අනුව, කාන්තාවන්ට ද්විතීයික අධ්‍යාපනය තහනම් වීමෙන් අනතුරුව අධ්‍යාපනය සඳහා ඇති අයිතිය සීමා කිරීමේ තලිබාන් පාලනයේ නවතම ස්ත්‍රී-විරෝධී ක්‍රියාමාර්ගය මෙයයි.

ඉකුත් වර්ෂයේ ඇෆ්ගනිස්ථානයේ තලිබාන් පාලනය ස්ථාපිත වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලවල සමාජභාවය මත පදනම් වූ පන්ති කාමර සහ ප්‍රවේශයන් ස්ථාපිත විය. එමෙන්ම, කාන්තාවන්ට හැදෑරිය හැකි විෂයයන් බරපතල අන්දමින් සීමා කළ අතර, ඒ අතර, පශු වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ කෘෂිකර්මාන්තය අධ්‍යයනය කිරීම තහනම් විය; පුවත්පත් කලාව හැදැරීම දැඩි ලෙස සීමා කළේය. තව ද, ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබා දිය හැක්කේ කාන්තා මහාචාර්යවරුන් සහ වයස්ගත පිරිමි පුද්ගලයන් ට පමණක් බව ද නිවේදනය කළේය.

තලිබාන්වරුන්ගේ පාලනයට යටත් වීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානය තුළ ස්ථාපිත වූ අන්ත ස්ත්‍රී විරෝධී සහ සුළුතර ප්‍රජා විරෝධී සමාජ ක්‍රමය බරපතල ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, මෙකී පසුබිම තුළ කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි තලිබාන්වරුන්ගේ තිබෙන බිය පිළිඹිමු වන බව සමාජ ක්‍රියාකාරීහු විදෙස් මාධ්‍ය වෙත පැවසූහ.

තලිබාන් පාලනයට නතුවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ සමාජභාවී සමානාත්මතාවය සුනුවිසුනු වී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

ඡායාරූප: GETTY IMAGES

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...