ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැහැ.එකම දේ හූරගෙන කන එක – වසන්ත මුදලිගේ

Date:

කොළඹ LNW:එළඹෙන ජනවාරියේ සිට ආණ්ඩුව ජනතාව හූරාගෙන කෑමට සූදානමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට මේ වන විට ආණ්ඩුවට උත්තර නැති බවයි.

25 වැනිදා නත්තල එළඹියද ජනතාවට පාන් කියාගත නොහැකි තත්ත්වයකට රට පත්ව තිබෙන බවද මුදලිගේ මහතා කියාසිටියි.

”25 නත්තල් එනවා. මිනිසුන්ට පාන් කියාගන්න බැරිව ඉන්නේ. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තර නෑ. වැට් එක වැඩිකරනවා. බිත්තරේ 60යි. දැන් කියනවා රටින් ගෙනත් දෙන්නම්ලු. 60ක් නිසා බිත්තරයක් කන්න නෑ. ලූනු කිලෝ එක 500 පැනලා. ජනතාවට උත්සව කාළේ ආහාර ටික ගන්න බැරිව ඉන්නවා. ආණ්ඩුව ජනතාව හූරගෙන කනවා. වැට් එක වැඩිකරනවා ජනවාරි ඉදන්. මිනිසුන්ට එහෙම වෙලා තියෙද්දී තමයි පොහොට්ටුව සම්මේලනයක් කළේ. ගෙනාපු අයවැයේ බිලියන 3000ක හිගයක් තියෙනවා. ජනාධිපතිවරයා හෝටන් තැන්නේ ඉඩම් ටික විකුණන්න හදනවා. ටෙලිකොම් එක විකුණන්න හදන්නේ සේවකයින් අරගලයක ඉන්නේ. ජනාධිපතිට ඉඩම්,ගස්,ගෙවල් පේන්නේ ඩොලර් විදිහට. ත්‍රිකුණාමල නගරයම ඉන්දියාවට ලියලා දීලා තියෙන්නේ. ඉන්දියාවට මේ ඉඩම්ටික දෙන්න පවුල් 7000ක් අයින් කරනවා. ලංකාවේ බලශක්තිය ඉන්දියාවට දෙනවා. ලංකාව ඉන්දියාවට ඕන විදිහට නවටන්න හදන්නේ. විදුලිබල ප්‍රතිව්‍යුහගත පනතේ තියෙන්නේ කොටස්වලට කඩලා විකුණන එක. ගෙඩිය පිටින්ම අදානිට දෙන්න හදන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...