ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැහැ.එකම දේ හූරගෙන කන එක – වසන්ත මුදලිගේ

Date:

කොළඹ LNW:එළඹෙන ජනවාරියේ සිට ආණ්ඩුව ජනතාව හූරාගෙන කෑමට සූදානමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට මේ වන විට ආණ්ඩුවට උත්තර නැති බවයි.

25 වැනිදා නත්තල එළඹියද ජනතාවට පාන් කියාගත නොහැකි තත්ත්වයකට රට පත්ව තිබෙන බවද මුදලිගේ මහතා කියාසිටියි.

”25 නත්තල් එනවා. මිනිසුන්ට පාන් කියාගන්න බැරිව ඉන්නේ. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තර නෑ. වැට් එක වැඩිකරනවා. බිත්තරේ 60යි. දැන් කියනවා රටින් ගෙනත් දෙන්නම්ලු. 60ක් නිසා බිත්තරයක් කන්න නෑ. ලූනු කිලෝ එක 500 පැනලා. ජනතාවට උත්සව කාළේ ආහාර ටික ගන්න බැරිව ඉන්නවා. ආණ්ඩුව ජනතාව හූරගෙන කනවා. වැට් එක වැඩිකරනවා ජනවාරි ඉදන්. මිනිසුන්ට එහෙම වෙලා තියෙද්දී තමයි පොහොට්ටුව සම්මේලනයක් කළේ. ගෙනාපු අයවැයේ බිලියන 3000ක හිගයක් තියෙනවා. ජනාධිපතිවරයා හෝටන් තැන්නේ ඉඩම් ටික විකුණන්න හදනවා. ටෙලිකොම් එක විකුණන්න හදන්නේ සේවකයින් අරගලයක ඉන්නේ. ජනාධිපතිට ඉඩම්,ගස්,ගෙවල් පේන්නේ ඩොලර් විදිහට. ත්‍රිකුණාමල නගරයම ඉන්දියාවට ලියලා දීලා තියෙන්නේ. ඉන්දියාවට මේ ඉඩම්ටික දෙන්න පවුල් 7000ක් අයින් කරනවා. ලංකාවේ බලශක්තිය ඉන්දියාවට දෙනවා. ලංකාව ඉන්දියාවට ඕන විදිහට නවටන්න හදන්නේ. විදුලිබල ප්‍රතිව්‍යුහගත පනතේ තියෙන්නේ කොටස්වලට කඩලා විකුණන එක. ගෙඩිය පිටින්ම අදානිට දෙන්න හදන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...