ජනතාවගේ සෞඛ්‍ය ආයෝජනය වෙනුවෙන් 2024ට රුපියල් බිලියන 410ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් රජය කළ ආයෝජනයක් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් දීර්ඝකාලීනව සිදු කරනු ලැබූ සෞඛ්‍ය ආයෝජනයට 2024 වසරේ රුපියල් බිලියන 410 දක්වා රජය වැඩිකර තිබෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, සුවපත් ජාතිකයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පාසල් දන්ත චිකිත්සකයින්, අංගාදේශක හා ඍජුකරණඥයින් සුව සේවාවට එක් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයට සහභාගිවෙමිනි.

මෙම නව පත්වීම්ලාභීන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවලට රාජකාරී අවශ්‍යතාවය අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

අමාත්‍යවරයා මෙහිදී සන්ධාන කළේ, මෙරට සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියට ගොස් තිබුණත් මුහුණදෙන අභියෝග රැසක් වර්තමානයේ ඇති බවත්, එහි ප්‍රධාන කරුණක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කරන පරිදි සර්ව සෞඛ්‍ය ආවරණය තත්ත්වයෙන් ලංකාව 67 % මට්ටමේ පසුවන බවයි.

භෞතික, යටිතල පහසුකම් සහ මානව සම්පත්වල සංවර්ධනයත් සමග පවතින අඩුපාඩු සපුරා ගනිමින් තවත් ඉදිරියට යා හැකි බව අවධාරණය කළ අමාත්‍යවරයා ජපානයේ සර්ව සෞඛ්‍ය ආවරණය සියයට 85 දක්වා වැඩි වි තිබෙන බවත්, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය, ද්වීතියක ප්‍රතිකාර සේවා, ශක්තිමත් කිරිම තුළින් ඉදිරියට යා හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...