*
Friday, May 3, 2024
spot_img

Latest Posts

18%ක වැට් බද්ද වෙළඳපොල විකෘතියක් ඇති කරනවා – හඳුන්නෙත්ති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 18%ක වැට් බද්ද වෙළඳපොල විකෘතියක් ඇතිකරන බවත්, ආණ්ඩුවේ අර්බුදය සම්පූර්ණයෙන් ජනතාව පිටින් යවන වැඩක් බවත්
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

බදු ගෙවිය යුත්තේ මොනවාටද යන්න දැන ගැනීමේ ශුද්ධ වූ අයිතියක් මේ රටේ ජනතාවට තිබෙන බවත්, රජයක් පවත්වාගෙන යන්න බදු අවශ්‍ය වුණත් වැල් බද්දක් පනවා තිබෙන නිසා හිතාමතාම බදු විකෘති කර, වෙළඳපොළ, කර්මාන්ත සහ ජනතාව ව්‍යාකූල කිරීමට ආණ්ඩුව ගෙනයන මෙහෙයුමක් බවද ඔහු පවසයි.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා,

නත්තලත් ඇවිත් නව අවුරුද්දක් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ ජනතාව කබලෙනුත් ලිපට වැටිලා ගිනි ඇවිලෙමින් තිබියෙදීයි. උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාමේ සාමාන්‍ය තත්වය ඉක්මවා බඩු මිල ඉහළ යමින් තිබෙනවා. ඊට හේතුව ආණ්ඩුවේ අර්බුදය ජනතාව මත පටවා තිබීමයි. 2024 අවුරුද්දේ ආණ්ඩුවේ ආදායමෙන් භාණ්ඩ හා සේවා මත පනවා තිබෙන බදුවලින් රුපියල් බිලියන 2215ක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 2023ට වඩා බිලියන 859ක වැඩිවීමක්. වැට් බදු වැඩිවීම 105%ක්. 2023දී බලාපොරොත්තු වූ බිලියන 680ක වැට් බද්ද 2024දී බිලියන 1400ක් වෙනවා. මෙතෙක් නිදහස් කර තිබුණු වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුව තවදුරටත් පටුකර ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. නමුත් මේ බදු අයකර ගන්නා ආකාරය බදු ගෙවන ජනතාව, ව්‍යාපාර හෝ බදු අයකර ගන්නා දෙපාර්තමේන්තුව වත් දන්නේ නැහැ. සමහර ව්‍යාපාරිකයන් දැනටමත් වැට් බදු අයකර ගන්න පටන්ගෙන තිබෙන නිසා භාණ්ඩ මිල වැඩිවෙලා.

ජනවාරි පළමුවෙනිදාට දවස් නවයක් තිබියදී බදු අයකර ගන්නා ක්‍රමය ගැන නිරවුල් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් කර නැහැ. උදාහරණයක් ලෙස ඉන්ධනවලට අලුතින් වැට් බදු අය කළත් වරායෙන් ගොඩබාන මිලට අය කරනවාද, රේගු ගාස්තු ඇතුළු අනෙකුත් බදු අය කළ පසුව ඒ මත වැට් බද්ද අයකරනවාද, යන්න කවුරුත් දන්නේ නැහැ. උදාහරණයක් හැටියට රුපියල් 1000/-ක් වන භාණ්ඩයකට 18%ක වැට් බදු අය කරනවා නම්, මිල රුපියල් 1180/-ක් වෙනවා. නමුත් රුපියල් 1000/- මිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද අයකිරීමෙන් පසුව වැට් බද්ද අයකරනවා නම්, ඒ භාණ්ඩයේ මිල රුපියල් 1209/-ක් වෙනවා. මන්ද රුපියල් 1025/-ක් මත වැට් බද්ද අය කිරීම සිදුවෙනවා. මේ නිසා ඇත්තටම වැට් බද්ද 18% වුණත් ක්‍රියාත්මක වීමේදී 18.45%ක් බවට පත්වෙනවා.

පනවන බද්ද ගැන විග්‍රහ කර නැති නිසා බදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ බදු ඉහළ යාමක් සිදුවෙනවා. ආණ්ඩුව උපඋපයා ගැනීමට ඉලක්ක කර තිබෙන ආදායම් රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස් දහස දක්වා කෙසේ හෝ අයකර ගැනීමට ක්‍රියා කරාවි. නමුත් ජනතාවට මොකද වෙන්නේ? ඔවුන්ගේ ආදායම් වැඩිවී නැහැ. හමුදා පොලීසි ඇතුළු මාසික පඩි ගන්නා රජයේ සේවකයන් නන්නත්තාර වී ඉන්නේ. ලූණු කෑවාද? දැන් සැපද? කියලා ඇහුව මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේදී අත උස්සා අයවැය සහ බදු සංශෝධන අනුමත කළා. දැන් එළියට ඇවිත් වැට් බද්දට විරුද්ධ බව ප්‍රකාශ කරනවා. ජනතාවට කියන කතාවලට වඩා පාර්ලිමේන්තුව ඇතුලේ බලය රැකගන්න ඔවුන් එකට එක්වී ක්‍රියාකරනවා. වැල් පොලිය වගේ 18%ක වැට් බද්ද වැල් බද්දක් වෙලා තිබෙනවා. මෙය ඉතා බරපතළ පීඩාකාරී දෙයක්. තමන්ට දැන් පැනවෙන බද්ද මොකක්ද කියලා වත් ජනතාව දන්නේ නැහැ. බදු ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ බරපතළ විකෘති සහගත තත්වයෙන්. 2002 සම්මත කළ වැට් බදු පනතින් නිදහස්කර තිබූ භාණ්ඩ ලැයිස්තුව තුළින් නව බදු පනවන ලැයිස්තුවක් හදාගෙන තිබෙනවා. නව බදු පනවන ලැයිස්තුව ජනතාවට පැහැදිලි වෙන සරල ආකාරයට කියන්නේ නැහැ. “වෘද්ධ සේවාවන් සහ ළමා සත්කාර සේවාවන්” වැට් බද්දෙන් නිදහස් බව සඳහන් වෙනවා. ඔවුන් අර්ථ නිරූපණය කරන සීමාවට පිටින් තිබෙන මෙයට අදාළ සියල්ලටම බදු ගහනවා. අධ්‍යාපනයේ එක කොටසක් නිදහස් කරන බව කීවත් ඊට අදාළ අනෙක් බොහෝ දේවල්වලට වැට් බදු ගහනවා. මේ නිසා ව්‍යාපාරිකයෝ සහ ඊටත් වඩා ජනතාව අර්බුදයට යනවා.

බදු ගෙවිය යුත්තේ මොනවාටද යන්න දැන ගැනීමේ ශුද්ධ වූ අයිතියක් මේ රටේ ජනතාවට තිබෙනවා. රජයක් පවත්වාගෙන යන්න බදු අවශ්‍ය වුණත් මෙතන වැල් බද්දක් පනවා තිබෙනවා. විදුලි බිලටත් මේ ආකාරයෙන්මයි. විදුලි බිලට ඒකක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව එකතු කිරීමෙන් වැට් බද්ද අයකරනවාද යන්න පැහැදිලි නැහැ. ඉන්ධනවලටත් ඒ වගේමයි. ශල්‍ය උපකරණවලටත් ඒ වගේමයි. හිතාමතාම බදු විකෘති කර, වෙළඳපොළ, කර්මාන්ත සහ ජනතාව ව්‍යාකූල කිරීමට ආණ්ඩුව ගෙනයන මෙහෙයුමක් මේක. “

ලෙස පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan