ආචාර්ය පට්ටම : ඇමති හර්ෂණගේ පැමිණිල්ලෙන් සභානායක බිමල්ගේ ලේකම් අමාරුවේ ?

Date:

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි තමන්ගේ නමට ඉදිරියෙන් “ආචාර්ය” (Dr.) පදවියක් සටහන් කිරීම තුළින් තමන්ට අපහාසයක් සිදුව ඇති බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් සිදුකර තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර පෙරේදා (දෙසැම්බර් 20) ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කර තිබිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ආචාර්ය පදවියක් යොදා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන් තොරතුරු මත බවයි.

එම ලිපිය නිකුත් කර ඇත්තේ සභානායක ලේකම්වරයා විසිනි.

පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය බිමල් රත්නායක මහතා ය.

ඒ අනුව, දැනට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේම අමාත්‍ය හර්ෂණ නානායක්කාර CIDයට කළ පැමිණිල්ල නිසා ආණ්ඩු පක්ෂයේම සභානායක, අමාත්‍ය බිමල් රත්නායකගේ ලේකම්වරයකු අමාරුවේ වැටෙන්නට යන බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...