IMF ගත් තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ඉතා වැදගත් – මහාචාර්ය වසන්ත අතුකෝරල

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

IMF විසින් ඩොලර් මිලියන 206ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදීමට එකඟතාවය පළ කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ඉතා වැදගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙරට බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් නොමැති පසුබිමක මෙවැනි මූල්‍ය අරමුදලක් මෙරටට ලැබීම ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පිටුවහලක් වනු ඇති බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් විදෙස් රටවලින් සහන රැසක් මෙරටට ලැබුණද රටේ ආර්ථිකය සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන මුදල් වඩාත් ප්‍රයෝජනවත් වන බව ඔහු සඳහන් කළේය .

අදාල මුදල් මෙරටට ලැබෙන ක්‍රමවේදය පිළිබඳව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැහැදිලි කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...