නව කැබිනට් ඇමතිවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යයි !

Date:

නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්ගොස් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය තනතුරු ලබාදිය යුතු ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇතත් ඊට ජනාධිපතිවරයාගේ එකඟතාවක් නොමැති වීම මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව සඳහන්. එමෙන්ම අයවැය ඡන්ද විමසීමේදී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අයවැය සම්මත කරගැනීමට හැකිවූ නිසා මේ මොහොතේ අලුතින් අමාත්‍ය තනතුරු ලබාදීමේ අවශ්‍යතාවක් නොමැතිය යන්න ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අමාත්‍ය තනතුරු බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටුවේ ප්‍රබලයින් මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙත මැසිවිලි නඟමින් සිටියත් අමාත්‍යවරුන් පත්කිරීමේ සම්පූර්ණ බලය පවතින්නේ ජනාධිපතිවරයා සතුව නිසා තමන්ට මේ මොහොතේ ඒ පිළිබඳ කළහැකි දෙයක් නැතැයි බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ට පවසා ඇති බවත් වාර්තා විය.

එමෙන්ම කැබිනට්ටුව සම්බන්ධයෙන් මේ උද්ගත වී ඇති තත්වයම ඉදිරි මැතිවරණ සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක විය හැකි බවයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...