නව කැබිනට් ඇමතිවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යයි !

Date:

නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්ගොස් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය තනතුරු ලබාදිය යුතු ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇතත් ඊට ජනාධිපතිවරයාගේ එකඟතාවක් නොමැති වීම මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව සඳහන්. එමෙන්ම අයවැය ඡන්ද විමසීමේදී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අයවැය සම්මත කරගැනීමට හැකිවූ නිසා මේ මොහොතේ අලුතින් අමාත්‍ය තනතුරු ලබාදීමේ අවශ්‍යතාවක් නොමැතිය යන්න ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අමාත්‍ය තනතුරු බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටුවේ ප්‍රබලයින් මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙත මැසිවිලි නඟමින් සිටියත් අමාත්‍යවරුන් පත්කිරීමේ සම්පූර්ණ බලය පවතින්නේ ජනාධිපතිවරයා සතුව නිසා තමන්ට මේ මොහොතේ ඒ පිළිබඳ කළහැකි දෙයක් නැතැයි බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ට පවසා ඇති බවත් වාර්තා විය.

එමෙන්ම කැබිනට්ටුව සම්බන්ධයෙන් මේ උද්ගත වී ඇති තත්වයම ඉදිරි මැතිවරණ සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක විය හැකි බවයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...