චීන පොහොර සමාගමෙන් ටොන් එකකට ඩොලර් 100ක් කොමිස් ඉල්ලලා – අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

Date:

චීන කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුව විසින් ඊයේ (21) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“කාබනික පොහොර පැටෙව්වෙත් නැවට කිසිදු රසායනාගාර තත්ව පරික්ෂණයකින් තොරව. එතකොට අපට මේ පිළිබඳව සැකයක් තියෙනවා මේ ජාතික පොහොර කමිටුවේ කට්ටියයි, අදාළ කෘෂිකර්ම අමාත්‍යවරයායි, පොහොර සමාගම්වල සභාපතිවරුයි හරහා තමයි මේක වුණේ. එනිසා හිතාමතාම කල් මරමරා මාස හතක් යනකල් කාබනික පොහොර නිෂ්පාදනය කරන්නෙ නැතුව, දූෂිත ගනුදෙනුවක් තමයි අපට පේන්න තියෙන්නෙ. පොහොර ගනුදෙනුවෙත් ඉන්නවා රජ තුන්කට්ටුවක්. ලක්පොහොර සමාගමේ සභාපතිවරයා ඉන්නවා, කමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා ඉන්නවා, ඊළඟට මහින්දානන්ද ඇමතිවරයා ඉන්නවා. මේ ඔක්කොම ගජමිතුරො. මිතුරො තුන්දෙනෙක් තමයි මේක කළේ. චීන සමාගමෙන් ලැබුණු ආරංචි අනුව නම් මේ පොහොර මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් කමිෂන් එකක් ඉල්ලලා තියෙනවා. එනිසා අපට සැකයක් තියෙනවා මේ පොහොර ගෙන්වන්න ඉස්සෙල්ලා අතයට ගනුදෙනුවක් වුනා මෙයාලාගෙ. ඒක නෑ කියන්න බෑ. ඒක සුද්ධ කරගන්න බෑ. රාජ්‍යතාන්ත්‍රික මංකොල්ල කෑමක් මේක”

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරුද්ධ තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...