රඳවාගෙන සිටින ශ්‍රී ලාංකීය තරුණ පිරිස නිදහස් කිරීමට එක් අයෙකු වෙනුවෙන් මියන්මාර ත්‍රස්තයන් ඩොලර් 8000ක් ඉල්ලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු මියන්මාරයේ පරිගණක අපරාධ කඳවුරක ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා ගෙන සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා ඔවුන් රඳවාගෙන සිටින ත්‍රස්තවාදී කණ්ඩායම සමග මියන්මාර රජයේ මැදිහත්වීමෙන් සාකච්ඡා අරඹා ඇති බව මියන්මාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසා සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දැනටමත් එම කඳවුරේ රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු මියන්මාර රජයේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ජාවලින් අනතුරුව නිදහස් කරගෙන ඇති බවයි.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, මියන්මාර නගරයක් වන ‘මයාවෙඩ්ඩි’ සිට කිලෝ මීටර් 25ක් පමණ දුරින් තිබෙන දුෂ්කර මාර්ගයක පිහිටි කැලයක ඉදි කර තිබෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන පරිගණක අපරාධ කඳවුරේ ශ්‍රී ලාංකීය තරුණ පිරිසට අමතරව ඉන්දියාව, නේපාලය ඇතුළු ආසියාතික රටවලින් පැහැරගත් පිරිසක් ද රඳවාගෙන සිටින බවයි.

රැකියා සොයාගෙන තායිලන්තයට ගොස් සිටියදී ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටින අදාළ ශ්‍රී ලාංකීය තරුණ පිරිස ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී ඇති බවයි වාර්තා වන අතර, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා ලබා දීම සඳහා බව පවසමින් මෙම පිරිස තායිලන්තයට ගෙන්වාගෙන ඇති බවද සඳහන්වේ.

මියන්මාර ආරංචි සඳහන් කරන්නේ, රැකියා සඳහා ගිය මෙම පිරිස මියන්මාර -තායිලන්ත දේශසීමාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායමට හසු වීමෙන් පසු ඔවුන් දැඩි ලෙස අමානුෂීය ප්‍රහාරයකට මුහුණ පා ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ , මෙම ශ්‍රී ලාංකීය තරුණ පිරිස නිදහස් කිරීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම විසින් එක් අයකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 8000ක මුදලක් ඉල්ලා ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...