පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

ඊයේ (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී , පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

2024 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, 2026 වසරේ සිට දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ.

ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1,440ක් වටිනා තිළිණපතක් ප්‍රදානය කිරීමටත්, පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත එම තිළිණපත් බෙදා හැරීමටත් නියමිතයි.

සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතන හරහා පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ කටයුතු ඒ අනුව සිදු කෙරේ.

මෙහිදී සිසුවියන්ට තම අභිමතය පරිදි අවශ්‍යතාව අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම, ප්‍රදේශයන්හි භූගෝලීය විෂමතාවන් මත වවුචර්පත් සහ සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ ක්‍රමවේද සකස් කිරීම සහ පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු සනීපාරක්ෂක තුවා ඉවත දැමීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ක්‍රියාත්මක කිරීම වැනි කරුණු කෙරෙහිද මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු කෙරේ.

ව්‍යාපෘතියේ ඵලදායීතාවත් , ප්‍රතිලාභීන්ගේ පහසුවත් පිලිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා ලෙස ද උපදෙස් දී ඇය්හ.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...