ජනතාවට සහන දෙන්න බැරි වුණොත් අපටත් විපක්ෂයට යන්නයි වෙන්නේ – පොහොට්ටු මන්ත්‍රී ජගත්

Date:

වියත්මග වැනි සංවිධාන වලින් ආණ්ඩුවට එක්ව විවිධ තනතුරුවලට පැමිණි ඇතැම් පුද්ගලයින් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේදැයි සැකයක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

“අපි විශ්වාස කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ පළපුරුද්ද සහ රටට තියෙන ආදරයත් එක්ක මේක ගොඩගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා තවමත් එතුමාලා මේ උත්සාහ දරන්නේ ඒකට. හැබැයි ඉතිං අනිත් “මගවල්” වලින් ආපු අය, රැල්ලට ආපු අය තනතුරුවලට ඇවිල්ලා සමහර වෙලාවට රටේ විනාශයට උදව් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකනෙ සමහරු කියන්නෙ මේක වියත් මග නෙවෙයි කියත් මග කියලා.

හැමෝගෙම ඉල්ලීම තියෙන්නෙ කෙසේ හෝ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ බිම්මට්ටමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදන්න කියලා. ඒක බැරි වුණොත් ඇත්තටම ඉතින් අපට විපක්ෂයට යන්න සූදානම් වෙන්න වෙන්නෙ. සමහර සිද්ධි වලට බලපාන්නෙ කොරෝනාමත් නෙවෙයි”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...