ජනතාවට සහන දෙන්න බැරි වුණොත් අපටත් විපක්ෂයට යන්නයි වෙන්නේ – පොහොට්ටු මන්ත්‍රී ජගත්

Date:

වියත්මග වැනි සංවිධාන වලින් ආණ්ඩුවට එක්ව විවිධ තනතුරුවලට පැමිණි ඇතැම් පුද්ගලයින් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේදැයි සැකයක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

“අපි විශ්වාස කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ පළපුරුද්ද සහ රටට තියෙන ආදරයත් එක්ක මේක ගොඩගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා තවමත් එතුමාලා මේ උත්සාහ දරන්නේ ඒකට. හැබැයි ඉතිං අනිත් “මගවල්” වලින් ආපු අය, රැල්ලට ආපු අය තනතුරුවලට ඇවිල්ලා සමහර වෙලාවට රටේ විනාශයට උදව් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකනෙ සමහරු කියන්නෙ මේක වියත් මග නෙවෙයි කියත් මග කියලා.

හැමෝගෙම ඉල්ලීම තියෙන්නෙ කෙසේ හෝ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ බිම්මට්ටමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදන්න කියලා. ඒක බැරි වුණොත් ඇත්තටම ඉතින් අපට විපක්ෂයට යන්න සූදානම් වෙන්න වෙන්නෙ. සමහර සිද්ධි වලට බලපාන්නෙ කොරෝනාමත් නෙවෙයි”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...