භාණ්ඩ මිල වැඩියි, තවත් වැඩි වෙයි. ජනතාවට මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි – ජොනී (VIDEO)

0
388

භාණ්ඩ මිල දැනටත් ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“භාණ්ඩ මිල වැඩියි, තවත් වැඩි වෙයි. වසංගත තත්වයෙන් බේරෙනකල් අපට මේ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුද්ධිමත් ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න ඕනෙ අපට සිද්ධ වෙනවාමයි. මේවා අපි කැමැත්තෙන් කරන දේවල් නෙවෙයිනෙ. කවුද කැමති භාණ්ඩ මිල වැඩිකරන්න ? කවුද කැමති තෙල් මිල වැඩිකරන්න ? මේ හැම ජන කොටසකටම බලපාන දෙයක්. හැබැයි අකමැත්තෙන් වුවත් අපි සියලුම දෙනාම රැකිලා, ආර්ථිකයත් රැකිලා යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනවා”

ප්‍රශ්නය – විදේශ සංචිත තව මාසෙකට විතරයි තියෙන්නෙ කියනවා ?

“ආහ්, විදේශ සංචිත ගැන කිසිදෙයක් බයවෙන්න එපා. විදේශ සංචිත නැතිවුණොත් මොකක්ද වෙන්නෙ ? අපේ ආණ්ඩුව විනාශ වෙනවානෙ නේද ? එනිසා ඒවා ඉතාමත්ම දක්ෂ ලෙස අපි හසුරුවාගෙන යනවා. ඔය විපක්ෂය කියන, දිසානායක මහත්මයා – ප්‍රේමදාස මහත්මයා කල්ලිය කියන, හෙට අනිද්දා මේක බංකොලොත් වෙයි, මේක වැටෙයි, මේක විනාශ වෙයි කියන ඒවා ඔක්කොම දවල් හීන”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here