භාණ්ඩ මිල වැඩියි, තවත් වැඩි වෙයි. ජනතාවට මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි – ජොනී (VIDEO)

Date:

භාණ්ඩ මිල දැනටත් ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“භාණ්ඩ මිල වැඩියි, තවත් වැඩි වෙයි. වසංගත තත්වයෙන් බේරෙනකල් අපට මේ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුද්ධිමත් ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න ඕනෙ අපට සිද්ධ වෙනවාමයි. මේවා අපි කැමැත්තෙන් කරන දේවල් නෙවෙයිනෙ. කවුද කැමති භාණ්ඩ මිල වැඩිකරන්න ? කවුද කැමති තෙල් මිල වැඩිකරන්න ? මේ හැම ජන කොටසකටම බලපාන දෙයක්. හැබැයි අකමැත්තෙන් වුවත් අපි සියලුම දෙනාම රැකිලා, ආර්ථිකයත් රැකිලා යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනවා”

ප්‍රශ්නය – විදේශ සංචිත තව මාසෙකට විතරයි තියෙන්නෙ කියනවා ?

“ආහ්, විදේශ සංචිත ගැන කිසිදෙයක් බයවෙන්න එපා. විදේශ සංචිත නැතිවුණොත් මොකක්ද වෙන්නෙ ? අපේ ආණ්ඩුව විනාශ වෙනවානෙ නේද ? එනිසා ඒවා ඉතාමත්ම දක්ෂ ලෙස අපි හසුරුවාගෙන යනවා. ඔය විපක්ෂය කියන, දිසානායක මහත්මයා – ප්‍රේමදාස මහත්මයා කල්ලිය කියන, හෙට අනිද්දා මේක බංකොලොත් වෙයි, මේක වැටෙයි, මේක විනාශ වෙයි කියන ඒවා ඔක්කොම දවල් හීන”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...