ගේබ්‍රියල් බෝරික් : ඇලියන්දේ ගේ අවතාරයද ?

Date:

සහශ්‍රක පරම්පරාවේ නව වම (millennial left) නියෝජනය කරමින් චිලියේ ගේබ්‍රියෙල් බෝරික් බලයට පත්වෙලා තියනවා. ඒක ගෝලීය වම පැත්තෙන් සුබ ලකුණක්. ඒ වගේම දකුණේ ප්‍රගතිශීලි කොටස් එක්ක ගත්තත් සුබ ලකුණක්.

සහශ්‍රක වම නිකම් මේ වගේ කියන්න පුළුවන් එයා දිහා දැක්කම. හුඟක් අය කතා කරන්නේ පෙනුම ගැන. ලංකාවේ වගේම ගෝලීය මාධ්‍ය පවා ඔහුගේ ජයග්‍රහණය වාර්තා කලේ පෙනුමට සාපේක්ෂව. එයට හේතුව පවත්නා අධිපති සමාජ ස්තරායනයට ඔහු එරෙහි වීම (anti-hierarchical). විශේෂයෙන් පරණ පරම්පරාවේ අධිපති ව්‍යුහයන්ට ඔහු එරෙහිව ඉන්නවා. ඒක ලොකු වෙනසක්. යම් පශ්චාත්නූතන බවක් ඒ තුළ තියනවා. ගතානුගතික වමේ අධිපති බවත් ඔහු තුල දකින්න නැහැ.

ඔහු සුවිශේෂ පුද්ගලභාවයක්. ඒකත් මේ යුගයේ වැදගත්.

බෝරික් (බෝ – රික්) වමේ වටිනාකම් වගේම ලිබරල් වටිනාකම් ප්‍රමාණයකුත් නියෝජනය කරනවා. ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ චිලියේ ක්‍රියාත්මක වෙන නව ලිබරල් ආර්ථික වටිනාකම් ගැන සහ ඒ නිසා අමාරුවේ වැටිලා ඉන්න ඒ රටේ මධ්‍යම පංතික කොටස් වල දුක් ගැනවිල්ල ගැන. ඉනුත් විශේෂයෙන් ඒ පංතියේ කොටස් වල මිලේනියා පරම්පරාවේ අධ්‍යාපනය ගැන.

ඔහු වෙළඳ ආර්ථිකය ගැන ඉන්නේ ධනාත්මක අදහසක. හැබැයි පොදු සේවා වල ගුණාත්මක බව ගැන එයා සාවධානයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලය කියන විදියට සැල්වදෝර් ඇලියන්දේ ගෙන් පස්සේ චිලිය මේ මාක්ස්වාදී පාලකයෙක්ගේ සුවඳක් විඳින පළමු අවස්ථාව. ඇලියන්දේ ආවෙත් මධ්‍යම පංතික පවුල් පරිසරයකින්. බෝරික්ටත් තියෙන්නේ උගත් මධ්‍යම පංතික පරිසරයක්.

ඇලියන්දේ ල මැරුණට එයාලගේ හොල්මන් තාම ලතින් ඇමෙරිකාවේ සැරි සරනවා. දශක හතරකට පස්සෙත් පිනෝචේ ගේ හෙංචයියන්ගෙන් අලුත් පරම්පරාව ගේම ඉල්ලනවා.

බෝරික් වැඩියෙන් අහන්නේ ටේලර් ස්විෆ්ට් ගේ (Taylor Swift) සිංදු කියල කවුදෝ කියනවත් මම අහගෙන. ඒ කියන්නේ කෙලින්ම සහශ්‍රක ටේස්ට් එක (millennial taste).

ව්‍යවස්ථාදායක සභාවට එනකොට ටයි එක නැතුව ආපු බෝරික් කියන්නේ සියලු චිලී ජාතිකයින් ගේ නායකයා මම කියල. ඒ වගේම චිලියේ වීදි උතුරලා යන ජන සන්නිපාතයක් ගැනත් අල්ජසීරා වාර්තා කරනවා. ගොඩක් මේ වීදිවල ඉන්නේ තරුණ ජනගහනය.

පසුගිය මැතිවරණ වලදී ලංකාවේත් මේ සහශ්‍රක තරුණ කොටස් ලොකු පිබිදීමකින් කටයුතු කළා. ඒ ප්‍රජාව වගේම වැඩිහිටි ප්‍රජාවටත් කතා කරන්න පුළුවන් ගැම්මක් තියෙන කෙනෙකුට තවමත් අපේ රටේ ඉඩක් තියනවා.

ඒ සඳහා ටැටූ එකක්ම ගහන්න ඕනි කියල මම හිතන්නේ නැහැ. ගැහුවත් කමකුත් නැහැ.

බ්රූස් ස්ප්‍රින්ස්ටීන්, බොන් ජෝවී, ගන්ස් ඇන්ඩ් රෝසස් අහන මම බෝරික්ගේ වැඩේට සෙට් වෙයිද කියන අවුලෙන් මේ ඉන්නේ.

  • මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ...

හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක්...

සියළු ව්‍යාපෘති කඩිනම් කරන්න – ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ...

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින දෙයි! අල්ලස් කොමිසමටත් නොතිසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන...