නොරොච්චෝලේ බලාගාරය දිගටම ලෙඩදෙන ලකුණු – දිගුකාලීන විදුලි කප්පාදුවක්

0
343

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හටගෙන තිබෙන බිඳවැටීමක් හේතුවෙන් පැයකට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ ඊයේ දිනයේදීයි. රාත්‍රී කාලයේදී මෙම විදුලි කප්පාදුව සිදු කරන බව ප්‍රකාශ කළ නමුත් ඇතැම් ප්‍රදේශවලට අද පෙරවරුවේද විදුලිය අත්හිටුවා තිබිණි.

නොරොච්චෝලේ බලාගාරය යළි යථා තත්වයට පත්කරන තුරු දින කිහිපයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

කෙසේ නමුත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ බලාගාරය යළි යථා තත්වයට පත් කිරීම කල් යා හැකි බවයි. අළුත්වැඩියා කළද ඉදිරියේදී දිගින් දිගටම එහි විදුලි ජනනය බිඳවැටිය හැකි බවයි එම සංගමයේ සභාපති සෞම්‍යකුමාර මානවඩු මහතා පවසන්නේ.

දැනට සිදු කරන අළුත්වැඩියා කටයුතු සඳහා කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඉදිරි වසර 5-6 කාලය තුළ මෙවැනි බිඳවැටීම් දිගින් දිගටම සිදුවිය හැකි බවත් මානවඩු මහතා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here